Cricket NewsEXCLUSIVE

ඉන්දියා ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරඟය පැවති ක්‍රීඩාංගනයේ තණතීරු ප්‍රමිතිය ගැන ICCය නොසතුට පළ කරයි.!

ටෙස්ට් තරඟ නරඹන්නන්ට කලාතුරකින් දැක ගත හැකි මට්ටමේ තරඟයක් බවට ඉන්දු ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරඟය පත්විය.

පළමු දිනයේ සිටම දඟ පන්දු යවන්නන් හට අමතර දඟ කැවීමක් ගෙන දුන් තණතීරුවක් බවට බැංග්ලෝර් හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේ තණතීරුව පත්ව තිබුණි.

තරඟය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල තරඟ තීරක ජවගල් ශ්‍රීනාත් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවට අනුව බෙංගලෝර් තණතීරුවට සාමාන්‍යයට වඩා අඩු ශ්‍රේණිගත කිරීමක් ලබාදෙන්නට තීරණය කර තිබුණි.

ඒ තණතීරුවේ හැසිරීම මත පදනම් වෙමිනි.එහි ප්‍රතිඵලයක් ලෙස ICC Pitch සහ Outfield Monitoring ක්‍රමය යටතේ එම ස්ථානයට එක් දඬුවම් ලකුණක් ලැබෙනු ඇත. තණතීරු වාර්තාවෙහි තමන්ගේ අදහස දැක්වූ ශ්‍රීනාත් පැවසුවේ “තණතීරුව පළමු දිනයේ දී ම විශාල දග කැවීමක් ලබා දුන්නා.

සෑම සැසියක් (session) සමගම එය වැඩි දියුණු වුණා. මගේ මතය අනුව එය පිත්ත සහ පන්දුව අතර සමබර තරඟයක් නොවීය” යනුවෙනි

සංශෝධිත ICC Pitch සහ Outfield Monitoring ක්‍රමය අනුව තරග තීරකයින් විසින් සාමාන්‍යයට වඩා අඩු තණතීරු ශ්‍රේණිගත කර ඇති ක්‍රීඩාංගණවලට එක් දඬුවම් ලකුණක් ලැබෙන අතර, පිළිවෙළින් දුර්වල සහ නුසුදුසු ලෙස ශ්‍රේණිගත කර ඇති ක්‍රීඩාංගණ සඳහා ලකුණු 3 සහ 5 බැගින් දඬුවම් ලකුණු ප්‍රදානය කෙරේ.

එය දඬුවම් ලකුණු පහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් රැස්කර ගන්නේ නම්, මාස 12 ක කාලයක් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීමට හැකියාවක්ද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සතු වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7