Cricket NewsEXCLUSIVE

එළඹෙන සැප්තැම්බරයේ පැවැත්වෙන 2023 ආසියානු කුසලාන තරඟාවලියේත් සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලැබෙන ලකුණු – වැඩි විස්තර මෙන්න.!

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2023 තරගාවලිය මේ වසරේ සැප්තැම්බර් මසදී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය සැලසුම් කර තිබෙන බව මිට පෙර නිවේදනය කර තිබු අතර ඉදිරියේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය පන්දුවාර 50 තරගාවලියක් බැවින් එය ඉලක්ක කොට මෙවර ආසියානු කුසලාන තරගාවලිය පන්දුවාර 50 තරගාවලියක් ලෙසින් මෙවර පැවැත්වෙනවා.

මේ අතර ඉන්දීයාවේ බලපෑම් හේතුවෙන් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීමට කිසිදු ඉඩක් නොමැති බවත්, එහි සත්කාරකත්වය වෙනත් රටකට ලැබීමේ වැඩි ඉඩක් පවතින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර සිටිනවා.

ළඹෙන ආසියානු කුසලානය පාකිස්තානයේ පැවැත්වීම පිළිබඳ ඇති ගැට‍ලුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති මෙන්ම, BCCI හී ලේකම් ධුරය ද හොබවන Jay Shah විසින් හදිසියේම බහරේන් වෙත ගොස් තිබෙන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම ගැටලුව පිළිබඳ Hindustan Times පුවත්පතට අදහස් දක්වා ඇති ඉන්දීය ක්‍රිකට් ආයතනයේ නියෝජිතයකු පවසා ඇත්තේ, ආසියානු කුසලානය පාකිස්තානයේ පැවැත්වීමට කිසිදු ඉඩක් නොමැති බවයි.ඒ හේතුවෙන් පාකිස්තානයේ සත්කාරක අයිතීන් සුරකිමින් මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීම හෝ නැති නම් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හෝ වෙනත් රටකට ලැබීමට ඉඩ ඇති බව එම නියෝජිතයා Hindustan Times වෙත වැඩි දුරටත් අදහස් පළ කර තිබෙනවා.

එමෙන්ම මෑතක දී පාකිස්තානයේ පෙශාවර් හී දී සිදු වූ පිපිරීම නිසා පාකිස්තානයේ තරගාවලිය පැවැත්වීමේ අවදානමක් ඇති බව ද විශ්වාස කළ හැකි අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ඉන්දියාව පාකිස්තානයට නොයන බවට ඉන්දියාව විසින් ප්‍රකාශයක් සිදු කළ අතර, එවකට පකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය දැරූ Ramiz Raja ප්‍රකාශ කළේ ඉන්දියාව පාකිස්තානයට නොපැමිණේ නම් පාකිස්තානය ද ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයට සහබාගි නොවන බවයි.

කෙසේ නමුත් තවමත් මතබේදාත්මක තත්වයේ පවතින මෙම ගැටළුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ හෝ එක්සත් අරාබි එමීර් රාජ්යේදී, පකිස්ථානයේ සත්කාරකත්වය යටතේ තරඟාවලිය පැවැත්වෙනු ඇති බවට ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button