Cricket NewsEXCLUSIVEInternationalUnder-19

ඔස්ට්‍රේලියානු පිල හමුවේ පරාජය වූ ශ්‍රී ලංකා යොවුන් පිල සුපිරි 6 වටයේදී යොවුන් කොදෙව්වන් හමුවෙ තරඟවැදීමට නියමිතයි.

දකුණු අප්‍රිකාවේ බ්ලුම්ෆොන්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයේදී ඔස්ට්‍රේලියානු පිල හමුවේ පරාජය වූ ශ්‍රී ලංකා පිල සුපිරි 6 වටයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ තරගයට පිවිසෙයි.

ශ්‍රී ලංකාව සහභාගී වන ‘සී‘ කාණ්ඩයේ දැනටමත් ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ යන කණ්ඩායම් සුපිරි හය වටයට සුදුසුකම් ලබා සිටී. ‘ඒ‘ කාණ්ඩයෙන් ඉන්දියාව, බංග්ලාදේශය හා අයර්ලන්තය, ‘බී‘ කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව, එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් හා ‘ඩී‘ කාණ්ඩයෙන් පාකිස්තානය, නවසීලන්තය හා නේපාලය සුපිරි හය වටයට සුදුසුකම් ලබා සිටිති.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාව තීරණය කොට ඕවර් 50 තුළදී ලකුණු 208ක් ලැබූ අතර, දිනුර කළුපහන පන්දු 78ක් තුළදී හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් සමඟ ලකුණු 64ක් ලැබීමෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ ගියේය. ශ්‍රී ලංකා මුල් කඩුලු 3ක් ලකුණු 54ට දැවී ගොස් තිබියදී දිනුර හා රවිෂාන් ද සිල්වා සිවුවැනි කඩුල්ලට පන්දු 69කදී ලකුණු 46ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. රවිෂාන් පන්දු 42කදී හතරේ පහර 5ක් සමඟ ලකුණු 30ක් එක් කළේය.

ශ්‍රී ලංකා යොවුන් පිල සියලු දෙනා දැවී ලකුණු 208 (ඕවර්50)

සිනෙත් ජයවර්ධන 16, සුපුන් වඩුගේ 17, රවිෂාන් ද සිල්වා 30, දිනුර කළුපහන 64, ෂාරුජාන් ෂන්මුගනාදන් 21, අතිරේක 24 (කාලුම් විඩ්ලර් 28/3, මාලි බර්ඩ්මන් 30/2, ටොම් කැම්බල් 47/2)

ඔස්ට්‍රේලියා යොවුන් පිල කඩුලු 4කට ලකුණු 211 (ඕවර් 48.5)

හැරී ඩිස්කසන් 49, සෑම් කොන්ස්ටෑස් 23, රයන් හික්ස් නොදැවී 77, ටොම් කැම්බල් නොදැවී 33

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button