Cricket GossipCricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා පිතිකරුවන්ට වැඳ නමස්කාර කිරීමට ක්‍රීඩාපිටියට කඩා වැදුණු තරුණයෙක් අත්අඩංගුවට !

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පල්ලෙකැළේ ක්‍රීඩාංගනයේ දී ඊයේ (20) පැවති තරඟය අතරතුර ක්‍රීඩා පිටියට කඩාවැදුණ පුද්ගලයෙකු පල්ලෙකැළේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම තරගයට වැස්සෙන් බාධා වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවට පහර දීම සඳහා ක්‍රීඩා පිටියට පැමිණි අවස්ථාවේදී අදාළ තරුණයා එක්වරම ක්‍රීඩාපිටියට පැන පිතිකරුවන් දෙදෙනා අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

එම අවස්ථාවේදී අදාල තරුණයා අධික ලෙස බීමතින් සිටි බව පොලීසිය පැවසීය.

පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ, ශ්‍රී ලංකා පිතිකරුවන්ට වැඳ නමස්කාර කිරීම සඳහා ඔහු ක්‍රීඩාපිටියට ඇතුළු වූ බවයි.

එසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 22 හැවිරිදි තරුණයෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button