Cricket NewsEXCLUSIVE

“ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයට පිවිසෙනවා, තවමත් මට ඒක විශ්වාසයි” – හිටපු පුහුණුකරු මිකි ආතර්

වසරේ දැවැන්තම ක්‍රිකට් සැණකෙළිය පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අද ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සහ නැමිබියාව අතර තරගයෙනි.

කෙසේ නමුත් ආරම්භක තරගයෙන් අමිහිරි පරාජයකින් තරඟාවලිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුයේ නැමීබියා කණ්ඩායමේ ඉදිරියේ ලැබූ ලකුණු 55ක දැවැන්ත අනපේක්ෂිත පරාජය හේතුවෙනි.

⁣තරඟාවලිය ආරම්භ වීමට පෙර හිටපු ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා සඳහන් කර සිටියේ මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරඟයට ශ්‍රී ලංකාව සහ පකිස්තානය පිවිසෙනු ඇති බවයි.

අද තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අනපේක්ෂිත පරාජයක් ලැබූ පසුත් මිකී ආතර් මහතා සඳහන් කර සිටින්නේ සිය අනාවැකියේ කිසිදු වෙනසක් නොමැති බවත්, ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයට සුදුසුකම් ලබනු ඇති බවත්ය.

එම Twitter සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button