Cricket NewsEXCLUSIVE

“ඊළඟ තරග දෙක හොදින් කරලා, තරගාවලිය තුළ ඉදිරියට යමින් රට දිනවන්න අපේ කණ්ඩායම බලාපොරොත්තු වෙනවා” – නායක දසුන් ශානක

වසරේ දැවැන්තම ක්‍රිකට් සැණකෙළිය පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අද ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සහ නැමිබියාව අතර තරගයෙනි.

කෙසේ නමුත් ආරම්භක තරගයෙන් අමිහිරි පරාජයකින් තරඟාවලිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුයේ නැමීබියා කණ්ඩායමේ ඉදිරියේ ලැබූ ලකුණු 55ක දැවැන්ත අනපේක්ෂිත පරාජය හේතුවෙනි.

මෙම තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදි ශ්‍රී ලංකා නායක දසුන් ශානක මෙලෙස අදහස් දක්වා සිටියා.

“අපි නමුත් පන්දුයැවීමේදී අපේ සැලසුම් හරිහැටි ක්‍රියාත්මක කළේ නැහැ. අපි පුහුණුවීම් කවදාවත් අතපසු කළේ නැහැ. ඉතින් කවුරුහරි කියනවනම් අපි සැහැල්ලුවට ගත්තා කියලා, එහෙම වෙලා නැහැ. අපි කණ්ඩායමක් විදිහට හොදින් ලකුණු හඹා ගොස් ජයග්‍රහණය කළා.

අපේ පළවෙනි පිතිකරුවන් තුන් හතර දෙනා පන්දුවාර 10 ක් 15ක් ක්‍රීඩා කළා නම් අපි දන්නවා ඉන්පසු අපේ හොද පිතිකරුවන් ගේම් එක ගහනවා කියලා. අපේ පන්දුයවන්නන් නිවැරදි ස්ථාන වල පන්දුයැව්වේ නැහැ.

අපේ පන්දුයවන්නන්ට පුලුවන් වෙන්න ඕන ඕනෑම ජාත්‍යන්තර පිතිකරුවෙකුට අභියෝගයක් එල්ල කරන්න. ජයග්‍රාහි කණ්ඩායම සමග ක්‍රීඩා කළ යුතු නිසා අපි හිතුවා ධනුෂ්කට තව අවස්ථාවක් ලබා දෙන්න. චරිත් අසලංක ඉන්නවා, ඔහු පසුගිය ලෝක කුසලානයේ අපේ වැඩිම ලකුණු ලාභියා, ඔහුට හොද අවස්ථාවක් තිබෙනවා ඉදිරි තරගවලදී ක්‍රීඩා කරලා, දක්ෂතා අතරට එන්න. අනිවාර්යයෙන්ම ඉදිරි තරග දෙක හොදට ක්‍රීඩා කරලා තරගාවලියේ ඉදිරියට ගොස් රට ජයග්‍රහණය කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නෙ.”

එම මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button