Cricket NewsEXCLUSIVEIPLඇසළගේ ක්‍රිකට් හෑල්ල

IPL හි නම් දැරූ ඉන්දීය පන්දු යවන්නන් අන්ත අසරණ කළ දසුන් ශානකට IPL පසුගිය ශුරයන්ගෙන් ලැබුණු දැවැන්ත වටිනාකම.!

ක්‍රිකට් ලෝකේ දැවැන්තම වාණිජ වටිනාකමක් හිමි තරඟාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අති උත්කර්ශවත් අයුරින් පසුගියදා ආරම්භ වුණා.

මෙහිදී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් මෙන්ම ලොව වටා ක්‍රිකට් රසිකයන් ද ඉතා අවධානයෙන් බලා සිටි කාරණයක් වූයේ හමු වූ සෑම අවස්ථාවකම ඉන්දිය පන්දුයවන්නන්ට අමතක නොවන ප්‍රහාරයක් එල්ල කල ශ්‍රී ලංකා විස්සයි-20 නායක දසුන් ශානක මෙවර IPL නියෝජනය කරාවිද නොකරාවිද යන්නයි.

කෙසේ නමුත් මීට දින දෙකකට පෙර පසුගිය වර තරඟාවලියේ ශූරයන් වන Gujarat Titans කණ්ඩායම ශ්‍රී ලංකා නායක දසුන් ශානකව සිය කණ්ඩායමට එක්කර ගැනීමට කටයුතු කර තිබු අතර ඉන්දීය රසිකයන් විශාල පිරිසක් ද දසුන් ශානකව කණ්ඩායමට ලබා ගන්න මෙන් දිගින් දිගටම ඉල්ලීම් එක් කර තිබුනා.

ඒ අනුව මේ වන විට පැවැත්වෙන නවසීලන්තය සමග තරඟාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා නායකයා IPL හා එක් වනු ඇත.

මේ ඔවුන් ඒ පිළිබඳව පළ කල නිළ පෝස්ටුව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
3
+1
5
+1
0
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7