Cricket NewsDomestic CricketEXCLUSIVE

තරුණ ක්‍රිකට් තරු සොයා යන National Super League – 2023 ශුරතාවය දඹුල්ලට – තරඟාවලියේ වීරයා අශේන් බණ්ඩාර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන දේශීය පිටියේ ප්‍රමුඛතම එක්දින තරඟාවලිය වන නැශනල් සුපර් ලීග් එක්දින තරඟාවලිය ඊයේ නිමාව දුටුවේ පළමු වටයේ පෙරලිකාරයින් වූ දඹුල්ල කණ්ඩායමට ජය හිමිකර දෙමිනි.

පළමු වටය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණෙහි පසු වූ දඹුල්ල කණ්ඩායම සමඟින් අවසන් මහා තරඟය සඳහා පිවිසියේ යාපනය කණ්ඩායමයි.කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරඟයේදී කාසියේ වාසිය දිගානත් යාපනය කණ්ඩායමේ නායක ජනිත් ලියනගේ මුලින්ම පන්දුවට පහර දෙන්නට තීරණය කල අතර ඒ අනුව පන්දුවට පහර දෙන්නට මුලින්ම පිටියට පිවිසි යාපනය කණ්ඩායමට අපේක්ෂා කල තරම් දස්කම් දක්වන්නට නොහැකි වූයේ දඹුල්ල දඟ පන්දු යවන්නන්ගේ සාර්ථක පන්දු යැවීම හේතුවෙන්.

සොනාල් දිනූශ,ලක්ෂාන් සඳකැන් හා දුශාන් හේමන්ත ප්‍රමුඛ දඹුල්ල දඟපන්දු බලඇණිය හමුවේ යාපනය කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 160 ක් පමණි.පිත්තෙන් හුදෙකලා සටනක නිරත වූ නවෝද් පරණවිතාන ලකුණු 51 ක් රැස් කරන්නට සමත් විය.

ශූරතාවය දිනාගැනීම සඳහා ලකුණු 161 ක ඉලක්කයක් හඹායන්නට පිටියට පිවිසි දඹුල්ල කණ්ඩායමට එතරම් සුභදායී ආරම්භයක් ලබාගන්නට අපොහොසත් වූ නමුත් තරඟාවලිය පුරාවට පිත්තෙන් දස්කම් දැක්වූ යොවුන් ක්‍රීඩක පවන් රත්නායකගේ ඉනිම හේතුවෙන් පන්දුවාර 39 ක් අවසානයේදී කඩුලු 5 ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසුකර යන්නට දඹුල්ල ක්‍රීඩකයින් සමත් විය.ඉනිමේ අවසන් භාගයේදී පිත්තෙන් අගනා දස්කම් දැක්වූ සොනාල් දිනූශ නොදැවී ලකුණු 45 ක් රැස් කල අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පවන් රත්නායක ලකුණු 62 ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී යාපනය කණ්ඩායම වෙනුවෙන් ජෙෆ්‍රි වැන්ඩසේ හා බිනුර ප්‍රනාන්දු කඩුලු දෙක බැගින් දවාගන්නට සමත් විය.

අවසන් මහා තරඟයේදී යාපනය කණ්ඩායම පරාජයට පත් කරමින් තරඟාවලියේ ශූරයින් වන්නට දඹුල්ල කණ්ඩායම සමත් වූ අතර තරඟයේ වීරයා ලෙසින් තුන්ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ සොනාල් දිනූශ සම්මාන දිනාගන්නට සමත් විය.

එමෙන්ම සමස්ත තරඟාවලිය පුරාවම පිත්තෙන් විශිෂ්ඨ දස්කම් දැක්වූ කොළඹ කණ්ඩායමේ අශේන් බණ්ඩාර තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනාගත් අතර තරගාවලියේ හොඳම පිතිකරුවා ලෙසින් පසිඳු සූරියබණ්ඩාර හා තරගාවලියේ හොඳම පන්දු යවන්නා ලෙසින් ලහිරු සමරකෝන් සම්මාන දිනාගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7