Cricket NewsEXCLUSIVEIPL

ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රිඩක දුෂ්මන්ත චමීර Lucknow Super Giants වෙනුවෙන් අද IPL වරම් හිමි කර ගනී.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ සිව්වන තරගය ලෙස IPL තරඟාවලියට අලුතින්ම එක් වූ කණ්ඩායම් දෙක වන Lucknow Super Giants කණ්ඩායම සහ Gujarat Titans කණ්ඩායම් අතර තරගය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වූවා.

එහි දී Lucknow Super Giants වෙනුවෙන් ශ්‍රී ලංකා සුපිරි වේග පන්දුයවන ක්‍රිඩක දුෂ්මන්ත චමීර අද දිනයේ දී IPL වරම් හිමිකර ගැනීමට සමත් වුණා.

පසුගිය වසරේදීත් දුෂ්මන්ත චමීර IPL හි රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් විසින් මිලදී ගනු ලැබුවත් ඔහුට ක්‍රිඩා කිරීමට අවස්ථාවක් හිමි වුයේ නැහැ.

මෙවර පැවති IPL ක්‍රිඩක වෙන්දේසියේදි ඉන්දීය රුපියල් කෝටි 2ක මුදලකට ඔහු අලෙවි වු අතර Lucknow Super Giants කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නාගේ භූමිකාවට පණ පොවනු ලබන්නේද දුෂ්මන්ත චමීරයි.

සිය ප්‍රථම IPL තරඟය ක්‍රිඩා කරන දුෂ්මන්ත චමීරට SixCricket අපෙන් සුභ පැතුම්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7