Cricket NewsEXCLUSIVEInternational

කයිල් මේයර්ස් ඇතුළු පන්දු යවන්නන්ගේ සුපිරි දස්කම් හේතුවෙන් ටෙස්ට් පිටියේ ප්‍රභල එංගලන්තය පරාජය කළ කොදෙව්වන් තරඟය ජය ගනී.!

කයිල් මේයර්ස් ඇතුළු පන්දු යවන්නන්ගේ දක්ෂතාවන් හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට එරෙහිව ශාන්ත ජෝර්ජ්හිදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය කඩුලු 10 කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (27) සමත් විනා.

මෙම ජයග්‍රහණයත් සමග තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජයග්‍රහණය කිරීමටද කොදෙව් පිලට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 28 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව්වෝ කිසිවකු නොදැවී පහසුවෙන්ම ඉලක්කය පසුකර යාමට සමත් වුනා.

තෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම ලකුණු 103 කට කඩුලු 8 ක් අහිමිකර ගනිමින් අසීරූ අඩියක පසු විය.

සිව්වැනි දිනයේ පන්දුවාර 13 ක් තුළ ඉතිරි කඩුලු 2 ත් දවාගනිමින් එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 120 කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ කයිල් මේයර්ස් ලකුණු 18 කට කඩුලු 5 ක් දවාගනිමින් එංගලන්ත පිතිකරුවන් මෙල්ල කළේය.

ඒ සඳහා ඔහුට අනගි සහයක් දුන් කෙමාර් රෝච් කඩුලු 2 ක් දවාගත්තේය.

එංගලන්ත පළමු ඉනිම – 204/10

කොදෙව් පළමු ඉනිම – 297/10

එංගලන්ත දෙවැනි ඉනිම – 120/10

කොදෙව් දෙවැනි ඉනිම – 28/0

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7