Cricket NewsEXCLUSIVEInternational

ඉනෝකා රණවීර එක් පන්දුවාරයකින් තරඟය කණපිට පෙරලයි ! බංග්ලාදේශය පරදවා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලකුණු තුනක ජයක් !

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස තරඟාවලියේ පළමු වටයේ තරඟයක් ලෙසින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර තරඟය අද සිල්හෙට් හිදී පැවැත්විණි.තියුණු තරඟයකින් අනතුරුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු තුනකින් තරඟය ජයගත්තේ ඉනෝකා රණවීරගේ විශිෂ්ඨ පන්දු යැවීමත් සමඟිනි.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශයේ ආරධනයෙන් මුලින්ම පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කන්ඩායම පන්දුවාර 18 කුත් එක් පන්දුවක් අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 83 ක් රැස් කරන්නට සමත් විය.නිලක්ෂිද සිල්වා නොදැවී ලකුණු 28 ක් රැස් කලේ ඉනිමේ වැඩිම ලකුණු ලාභිය වෙමිනි.සෙසු එකදු පිතිකරුවෙකුට හෝ ලකුණු 20 සීමාව පසු කරන්නට බංග්ලාදේශ ක්‍රීඩිකාවන් ඉඩ ලබානොදුන්නේය.බංග්ලාදේශය වෙනුවෙන් පන්දුයැවීමේදී රුමානා අහමඩ් කඩුලු 2 ක් බිඳ දමන්නට සමත් විය.

ඩක්වත් ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 7 කදී බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 41 කි.බංග්ලාදේශ කණ්ඩායම නියමිත ඉලක්කය හඹාගෙන යාමේදී සාර්ථක ආරම්භයක් ලබාගෙන තිබූ නමුත් අවසන් පන්දුවාර දෙකේදී කඩුලු 8 ක් අතැතිව් ලකුණු 14 ක් අවශ්‍ය වී තිබුණි.ඉනෝකා රණවීර ක්‍රියාත්මක කල හයවැනි පන්දුවාරයේ කඩුලු 4 ක් බිඳදමන්නට සමත් වූයේ බංග්ලාදේශ කණ්ඩායම සතුව තිබුණු ජයග්‍රහණයක් කණපිට හරවා දමමින්.අවසන් පන්දුවාරයේ ලකුණු 11 ක් අවශ්‍යව තිබුණු අතර අවසන් පන්දුවාරයේදී ඔවුන්ට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 7 ක් පමණි.

විශිෂ්ඨ පන්දුයැවීමක නිරත වූ අතර ඇය ලකුණු 7 කට කඩුලු 4 ක් බිඳ දමන්නට සමත් විය.ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 3කින් තරඟය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියේ තෙවැනි ජයත් ලබාගන්නට අද සමත් විය.තරඟයේ වීරයා ලෙසින් ඉනෝකා රණවීර සම්මාන දිනාගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button