Cricket NewsEXCLUSIVE

වසර 6කට පසුව ICC පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි මුල් දස දෙනා අතර පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයා “පැතුම් නිස්සංක”

වසර ගණනකට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් පේක්ෂකයන්ට අද ප්රිතමත් දිනයක් බවට සැකයක් නැහැ.

එ මොකක්ද කියනව නම් අවුරුදු 06 කට පස්සේ අන්තර්ජාතික විස්සයි-20 පිටියේ පිතිකරුවන්ගේ ලැයිස්තුවේ මුල් 10 දෙනා අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ලෙස පැමිණීමට අද පැතුම් නිස්සංක සමත් උනා.

අවසන් වරට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ මුල් 10 දෙනා අතරට පැමිනියේ. 2016 වසරේ දී වන අතර ඒ කුසල් ජනිත් ය.

මේ දක්වා විස්සයි-20 තරග වල අන්තර්ජාතික ක්‍රීඩක කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම්හි මුල් ස්ථාන 10 අතරට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් සහා ඔවුන් මුල් ස්තාන 10 පැමිණි Highest Ranking එක ගැන සටහනක් පහතින් ( මෙහිදී එම එම ක්‍රීඩකයන් Top 10 Ranking වල ඉහළටම පැමිණි ස්ථානය සහා එම වසර පමණක් සදහන් කරයි. )

T.M Dilshan 01 2009/09/03 802
S.Jayasuriya 02 2007/09/16 684
K.Sangakkar 03 2009/12/11 763
J.Mahela 03 2013/01/27 785
K.Perera 05 2014/03/23 751
P. Nissanka 09 2022/03/02 654

* මේ දක්වා T20I වල ශ්‍රී ලංකා පිතිකරුවන් 06 දෙනෙක් පමණක් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ Top 10 Ranking වලට පැමිණ ඇත.

* Thilakarathna Dilshan පමණක් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ No 01 වී ඇත. ඒ වගේම ශ්‍රී ලංකා පිතිකරුවෙක් ලබාගත් ඉහළම
Ratings ප්‍රමාණයද ඔහු ලබා ගෙන ඇත.

* අද Pathum Nissanka මුල් 10 ට පිවිසීමට පෙර අවසන් වරට ශ්‍රී ලංකා පිතිකරුවෙක් පළමු 10 දෙනා අතරට පැමිණී තිබුනේ Kusal Janith ය. ඒ මීට වසර 06 කුත් දින 22 කට පෙරය. (2016/02/ 08)

සැ:යුතු : මෙහී එම ක්‍රීඩකයන් මුල් ස්තාන 10 තුල ඉහළටම ගිය ස්ථාන සහා ඔවුන් ලබා ගත් Highest Ratings පමණක් සදහන් කර ඇත.

– Dinuka Gamage තැබූ සටහනක් ඇසුරිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button