Cricket NewsEXCLUSIVE

ජාතික කණ්ඩායමට රතු එලියක් දල්වන National Super Leagueහි රොෂේන්ගේ සුපිරි පිතිකරණය.!

කලක් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ සිටි දක්ෂ මැදපෙල පිතිකරුවෙකු වූ රොෂේන්ගේ කෙටි ටෙස්ට් ගමන් මග ඇරඹුණේ නිසැක පරායජයක් ඉදිරියෙහි තිබූ ඉන්දියාවට එරෙහිව තරඟයක් ජයපරාජය කරා රැගෙන යමිනි.

එතැන් පටන් අවස්ථාවක් ලද සෑම විගසකම රොෂේන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ මැද පෙළට විශාල අස්වැල්ලක් වූ අවස්ථා ගනන සුලභය .

ඉකුත් සතියේ ආරම්භ වූ නැශනල් සුපර් ලීග් සිව් දින තරඟාවලිය ආරම්භ කරමින් කොළඹ කණ්ඩායම සමඟින් යාපනය කණ්ඩායම තරඟ වැදුණි.යාපනය ඉනිම සුමින්ද ලක්ෂාන්ගේ ශතකයෙන් සවිමත් වෙද්දී ලකුණු 59 ක් වෙද්දී මුල්පෙල කඩුලු 5 ක් දැවී ගොස් තිබුණු කොළඹ ඉනිම ලකුණු 360ක් දක්වා ගෙන එන්නට රොෂේන්ගේ හුදෙකලා ඉනිමට හැකි විය.

සෙසු එකදු පිතිකරුවෙකු හෝ ලකුණු 40 සීමාව පසු නොකෙරූ අවස්ථාවක රොෂේන් තනිව ගොඩනැගූ ඉනිම ද්විත්ව ශතකයක් ආසන්නයේදී හමාර කරන්නට සිදු විය.

නොදැවී ලකුණු 174 ක් රැස් කල රොශේන් ගේ ඉනිම පන්දු 259 කදී වාර්තා වූ අතර එය හතරේ පහර 19 කින් වර්ණවත් විය.

ජාත්‍යන්තර පිටියේදී රොෂේන්ගේ සාමාන්‍ය 35 ක් ලෙස සටහන් වන අතර පළමු පෙල සාමාන්‍ය 49 ක් ජාත්‍යන්තර තරඟ 12 කදී අර්ධ ශතක 5 ක් හා එක් ශතකයක් ඔහුගේ නම ඉදිරියේ ලියැවී තිබේ.

ජාත්‍යන්තර තරඟ තුලදී සාර්ථක වූ කාල සීමාවක වයස යන කාරණය උපුටා ගනිමින් 33 හැවරිදි රොෂේන් හට ජාතික කණ්ඩායමේ ඉඩක් වෙන් නොකරන්නට තේරීම් කමිටුව තීරණය කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන අතර ඒ මහේල ජයවර්ධන ප්‍රමුඛ උපදේශන කමිටුවේ උපදෙස් මත බවද සඳහන්.

වයස ඉලක්කමකට සීමා කරගනිමින් තමන්ට ගැලපෙන තරඟ ආකෘතිය තුල වඩාත් සාදනීය දස්කම් දක්වමින් දිගින් දිගටම ජාතික තේරීම් කමිටුවට රතු එලි කිහිපයක් දැල්වූ රොෂේන් වැනි ක්‍රීඩකයෙකු හට දිගින් දිගටම සිදු කරමින් සිටින්නේ අසාධාරණයක් නොවේද ?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button