Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකාවේ සුපිරි පන්දු යැවීමත්, විශිෂ්ට පන්දු රැකීමත් හමුමේ ප්‍රභල ඕස්ට්‍රේලියානුවන්ගේ කඩුලු එක පිට එක බිඳ වැටේ.!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය ආරම්භ කරමින් දෙරට අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ ප්‍රථම තරඟය අද ආරම්භ වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඕස්ට්‍රේලියානුවන්ට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට රිසිසේ ලකුණු රැස් කිරීමට ශ්‍රී ලංකා පන්දු බලඇණිය ඉඩ ලබා දුන්නේ නැහැ.

නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ඕස්ට්‍රේලියා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 149ක් පමණයි.

ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Ben Mcdermott පන්දු 41ක් තුළ ලකුණු 53 ක් රැස් කිරීමට සමත් වුණා.

Mrcus Stoinis ලකුණු 30 ක් රැස් කළ Josh Ingis ලකුණු 23යි.

අද තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් නිරූපණය වූ අතර සම්පූර්ණයෙන්ම තරඟයේ ග්‍රහණය ද ශ්‍රී ලංකා පන්දු යවන්නන් තමන් වෙත තබා ගැනීමට කටයුතු කළා.

අද තරගයේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුණා.

චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර ද කඩුලු 2 බැගින් බිඳ හෙළමින් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අන්ත අසරණ කිරීමට සමත් වුණා.

අද තරගය විශේෂත්වය වන්නේ ස්ට්‍රේලියානු කණ්ඩායම විසින් 2013 වසරෙන් පසුව සිය මව් රට තුලදී Power Play පන්දුවාර 6 තුළ ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමයි.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙපළ ලකුණු 150ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7