Cricket NewsEXCLUSIVEMatch Review

තරඟය පුරාවට තියුණු සටනක් දුන් ශ්‍රී ලංකාව පරාජය කරමින් ලෝක ශුර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 20ක ජයක්.!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය ආරම්භ කරමින් දෙරට අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ ප්‍රථම තරඟය අද ඇරඹුනු අතර එම තරඟයේන් ලකුණු 20ක ජයග්‍රහණයක් වාර්තා කරමින් තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම අද සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඕස්ට්‍රේලියානුවන්ට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට රිසිසේ ලකුණු රැස් කිරීමට ශ්‍රී ලංකා පන්දු බලඇණිය ඉඩ ලබා දුන්නේ නැහැ.

නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ඕස්ට්‍රේලියා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 149ක් පමණයි.

ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Ben Mcdermott පන්දු 41ක් තුළ ලකුණු 53 ක් රැස් කිරීමට සමත් වුණා.

Mrcus Stoinis ලකුණු 30 ක් රැස් කළ Josh Ingis ලකුණු 23යි.

අද තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් නිරූපණය වූ අතර සම්පූර්ණයෙන්ම තරඟයේ ග්‍රහණය ද ශ්‍රී ලංකා පන්දු යවන්නන් තමන් වෙත තබා ගැනීමට කටයුතු කළා.

අද තරගයේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුණා.

චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර ද කඩුලු 2 බැගින් බිඳ හෙළමින් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අන්ත අසරණ කිරීමට සමත් වුණා.

අද තරගය විශේෂත්වය වන්නේ ස්ට්‍රේලියානු කණ්ඩායම විසින් 2013 වසරෙන් පසුව සිය මව් රට තුලදී Power Play පන්දුවාර 6 තුළ ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමයි.

කෙසේ නමුත් ලකුණු 150ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 122ක් පමණයි.

තරගය අතරමග ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාවට පන්දු වාර 19ක් තුළ ලකුණු 143ක ඉලක්කයක් හිමිවුණා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ පැතුම් නිස්සංක ලකුණු 36 ක් රැස් කිරීමට සමත් වූ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 25 ක් රැස්කිරීමට සමත් වුණා.

චරිත් අසලංක ලකුණු 16ක් රැස් කළ අතර අන් කිසිදු පිතිකරුවකුට ලකුණු 15 සීමාව ඉක්මවා යාමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Josh Hazlewood කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඇඩම් සම්පා කඩුලු තුනක් බිඳ හෙළුවා.

තරඟයේ වීරයා සම්මානයද ඇඩම් සම්පා හට හිමි වුනා.

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ඒ අනුව 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7