Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකාව සමග ටෙස්ට් තරඟාවලියට නායකත්වය දෙන ස්මිත්ට අභාධයක්

ටෙස්ට් ක්‍රිකට් තර­ගා­ව­ලි­යට නාය­ක­ත්වය ලබා­දෙන ඔස්ට්‍රේ­ලි­යානු නායක ස්ටීවන් ස්මිත් පසු­ගිය සිකු­රාදා පැවති බිග් බෑෂ් ලීග් තර­ග­යක් අත­ර­තු­රදී අතේ වැළ­මිටේ ආබා­ධ­ය­කට ලක්ව ප්‍රති­කාර ගනි­මින් සිටී. ඔහු විශේ­ෂඥ වෛද්‍ය උප­දෙස් මත මේ සතිය අගදී ඩුබායි බලා පුහු­ණු­ව­කට යන ටෙස්ට් සංචි­ත­යට එක්වී­මට සූදා­නම් බව ඔස්ට්‍රේ­ලි­යානු මාධ්‍ය නිවේ­ද­න­යක් මඟින් පැව­සීය.

දෙවන දරු­වාගේ උපත සහ වළ­ලු­ක­රයේ ආබා­ධ­යක් හේතු­වෙන් පැට් කමින්ස් සංචා­ර­යෙන් ඉවත්ව සිටින හෙයින් ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තර­ගා­ව­ලි­යේදී නාය­කයා ලෙස ස්මිත් පත් කර ඇත. පැට් කමින්ස් මේ සතියේ සිට විශේ­ෂඥ වෛද්‍ය­වරු යටතේ පුන­රු­ත්ථා­පන උප­දෙස් ලබා ගන්නා අතර ශාරී­රි­කව සූදා­නම් වීමට සහ සුවය ලැබී­මට යම් කාල­යක් ගත­වනු ඇතැයි පැවසේ.

ටෙස්ට් තරග දෙකට සහ­භා­ගි­වන ඔස්ට්‍රේ­ලි­යානු පිල මේ මස 24 වැනිදා ශ්‍රී ලංකා­වට පැමි­ණෙන අතර, පළමු ටෙස්ට් තර­ගය මේ 29 වැනිදා සිට පෙබ­ර­වාරි 2 දක්වා හා දෙවැනි ටෙස්ට් තර­ගය පෙබ­ර­වාරි 6 සිට 10 දක්වා ගාල්ල ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ. ටෙස්ට් තර­ගා­ව­ලිය නිමාවී දින­කින් පසු කොළ­ඹදී එක්දින තරග ආර­ම්භ­වන අතර, එම තරග පෙබ­ර­වාරි මස 12 හා 14 දෙදින කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී දිවා තරග ලෙස පැවැත්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button