Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන අවසන් විස්සයි-20 තරඟ දෙකේදී ස්ටාක්, හෙස්ල්වුඩ් හා පැට් කමින්ස් විවේක ගන්වයි.!

තරඟ 5 කින් සමන්විත ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා විස්සයි විස්ස තරඟාවලිය මේ වන විට තරඟ 3-0 ලෙසින් තවත් තරඟ දෙකක් ඉතිරිව තිබියදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයගෙන තිබේ .

කෙසේනමුත් අවසන් විස්සයි විස්ස තරඟ ද්විතවයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රභලතම වේගපන්දු යවන්නන් තිදෙනා වන ජොශ් හෙස්ල්වුඩ් , පැට් කමින්ස් හා මෙචෙල් ස්ටාක් විවේක ගැන්වීමට නියමිත බව බව වාර්තා වෙනවා.

ලබන 18 වැනිදා හා 20 වැනිදා ආරම්භ වීමට නියමිත දෙවැනි හා තෙවැනි විස්සයි විස්ස තරඟවලින් එසේ විවේක ගැන්වීමට හේතු වී ඇත්තේ පකිස්තානු කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරඟාවලිය සඳහා සූදානම් වීමේ අරමුණෙනි.

කෙසේනමුත් අවසන් තරඟ ද්විත්යේදී ඩැනියෙල් සෑම්ස් හා කයිල් රිචර්ඩ්සන් ප්‍රධාන වේගපන්දු යවන්නන් දෙදෙනා ලෙස ක්‍රීඩා කිරීමට නියමිත බව සඳහන් ය.

කෙසේ නමුත් මෙය ශ්‍රී ලංකා කණ්ඩායමට අමතර අස්වැසිල්ලක් වනු ඇති බව නොරහසකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button