Cricket NewsEXCLUSIVE

මහිෂ් තීක්ෂණට එරෙහිව දකුණු ඉන්දීය කී‍්‍රඩාලෝලීන්ගෙන් දැඩි විරෝධයක් – ඉන්දීය සමාජ මාධ්‍ය කළඹයි.!

මෙවර නව මුහුණුවරක් ගනිමින් කණ්ඩායම් 10 ක සහබාගීත්වයෙන් පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පසුගිය දා අවසන් වූ අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙකු අලෙවි වුවා.

වනිදු හසරංග – රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්

දුෂ්මන්ත චමීර – ලක්නව් සුපර් ජයන්ට්ස්

මහීෂ් තීක්ශන – චෙන්නායි සුපර් කිංග්ස්

චාමික කරුණාරත්න – කොල්කටා නයිට් රයිඩර්ස්

භානුක රාජපක්ෂ – පන්ජාබ් කිංග්ස්

මේ අතර IPL කි‍්‍රකඩ වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 70 ක මුදලකට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගත් ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන කී‍්‍රඩක මහීෂ් තීක්ෂණට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධය දැක්වීමට දකුණු ඉන්දීය කී‍්‍රඩාලෝලීහු කටයුතු මේ වන විට කටයුතු කරමින් සිටිනව.

තීක්ෂණ ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන කී‍්‍රඩකයකු වීම එලෙස විරෝධය දැක්වීමට හේතුවී තිබෙනවා.

මින් පෙර අවස්ථාවලදීද චෙන්නායි කණ්ඩායමට තෝරා ගැනුණ ශ්‍රී ලංකා කී‍්‍රඩකයන්ට දකුණු ඉන්දීය කී‍්‍රඩාලෝලීන් විරෝධතා දැක්වූහ. ඒ හේතුවෙන් ඇතැම් ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ එම කණ්ඩායම කී‍්‍රඩා කිරීම සඳහා එක්වීමෙන් වැලකී සිටියා.

2012 වසරෙන් පසුව චෙන්නායි කණ්ඩායමට තෝරා ගැනුණ පළමු ශ්‍රී ලංකා කී‍්‍රඩකා ලෙස 21 හැවිරිදි තීක්ෂණ හැදින්විය හැකි අතර ඔහුට පෙර චාමර කපුගෙදර, නුවන් කුලසේකර, මුත්තයියා මුරලිදරන්, තිසර පෙරේරා, සුරාජ් රන්දීව් සහ තිලාන් තුෂාර යන කී‍්‍රඩකයෝද චෙන්නායි කණ්ඩායම නියෝජනය කළා.

මේ වන විට #Boycott_ChennaiSuperKings යන Hash tag එක භාවිත කරමින් දකුණු ඉන්දීය කී‍්‍රඩාලෝලීන් දිගින් දිගටම විරෝධය පල කර සිටින අතර සුරේෂ් රයිනාව මෙවර CSK විසින් මිලදී නොගැනීමත් මහිශ්ව මිලදී ගැනීමත් උපුටා දක්වමින් ක්‍රීඩා ලෝලීන් ප්‍රකාශ කර සිටින්නේ “චෙන්නායි” යන නාමය කණ්ඩායම් නාමයෙන් ඉවත් කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7