Cricket NewsEXCLUSIVE

Strongest Performance Of The Match සම්මානය දසුන් ශානකට – “අපි තරගය අවසන් කළ ආකාරය ගැන ඇත්තටම අවුල්. මේ අපි ජයග්‍රහණය කළ යුතුව තිබූ තරඟයක්”

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියා තරඟ සංචාරය ආරම්භ කරමින් ඊයේ පැවති පළමු විස්සයි-20 තරඟයෙන් තියුණු තරඟයක් අවසානයේ ලකුණු 2කක තියුණු ජයක් වාර්තා කරමින් තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් වුනා.

මෙහිදී ඉතා අමිහිප්රි පරාජයක් අභියස සිටි ශ්‍රී ලංකා කණඩායම ජයග්‍රාහී මන්තිරුව වෙත රැගෙන ගිය නායක දසුන් ශානක පන්දු 27කින් වේගවත් ලකුණු 47ක් රැස් කර ගැනීමට සමත් වුයේ දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් සමගිනි. ඒ අනුව Strongest Performance Of The Match සම්මානය ද ඔහුට හිමි වුනා.

තරඟයෙන් අනතුරුව මෙම තියුණු පරාජය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක,

“අපි තරගය අවසන් කළ ආකාරය ගැන ඇත්තටම අවුල්. එය අපට ජයග්‍රහණය කළ යුතුව තිබූ තරගයක්. වන්කඩේහිදී ලකුණු 163 හඹා යන විට පිතිකරුවන් පහසුවෙන් සීමාව පසු කළ යුතුයි. අපි ඉන්දියාව එවැනි ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට ඒ ඒ ක්‍රීඩකයින්ගේ ශක්තීන් සහ දුර්වලතා හොදින් භාවිත කළා. මේ තරුණ කණ්ඩායම ඉතා හොඳ ක්‍රීඩකයින් පිරිසක්, ඔවුන් ශක්තිමත්ව නැවත පැමිණේවි ”

එම සම්පුර්ණ මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button