Cricket NewsEXCLUSIVE

අත්‍යාවශ්‍යම මොහොතේ එංගලන්තය වෙනුවෙන් තම අවසන් ජාත්‍යන්තර කඩුලු දෙක දවාගනිමින් විශිෂ්ඨ අලු බඳුන ජයකට උරුමකම් කියමින් ස්ටුවර්ට් බ්‍රෝඩ් තම ක්‍රිකට් ගමන නිමකරයි !

2023 අළු බඳුන තරඟාවලියේ පස්වැනි තරඟය අද Oval හිදී නිමාව දුටුවේ සත්කාරක එංගලන්තයට ලකුණු 49 ක ජයක් උරුම කර දෙමින්.කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු නායක පැට්කමින්ස්ගේ ආරාධනය අනුව මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්ත පළමු ඉනිම කියැවුනේ ලකුණු 283 ක් ලෙසටයි.

ඊට පිළිතුරු ලෙසින් සිය පළමු ඉනිම ක්‍රීඩා කල ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 295 ක් රැස් කලේ එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 12ක තරමක වාසියක්ද අත්පත් කරගනිමින්.

ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 12ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්තය ලකුණු 395 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කලේ ඔස්ට්‍රේලියාවට ලකුණු 384 ක ඉලක්කයක් ලබා දෙමින්.

තරඟයේ සිව්වැනි දිනයට හා පස්වැනි දිනයට වර්ෂාවෙන් දිගින් දිගටම බාධා එල්ල වූ නමුත් පස්වැනි දිනයේ අවසන් සැසියේදී තරඟය උඩු යටි කුරු කල එංගලන්තය හමුවේ ඔස්ට්‍රේලියානුවන්ට ලකුණු 48ක පරාජයක් අත්විය.

තරඟයේ ඉනිම් දෙකෙහිදීම අර්ධ ශතක වාර්ථා කරන්නට සමත් වූ ස්ටීව් ස්මිත් දෙවැනි ඉනිමේදී ලකුණු 54 ක් රැස් කලේ කවාජා (72) හා ඩේවිඩ් වෝනර් (60) ලබාදුන් සාර්ථක ආරම්භයේ රුකුලද ලාබාගනිමින්.

වර්ෂාවෙන් පසුව ඇරඹි තුන්වැනි සැසියේදී තණතීරුවේ වාසිය මනා ලෙසින් උපයෝගී කරගත් ක්‍රිස්වෝක්ස් හා මොයීන් අලී ප්‍රමුඛ එංගලන්‍ත පන්දු බලඇණිය ඔස්ට්‍රේලියානුවන් ලකුණු 334 කට සීමා කලේ ලකුණු 49 ක ජයක් එංගලන්තයට ගෙන දෙමින්.

තරඟය වෙනස් කරමින් ක්‍රිස් වෝක්ස් කඩුලු 4 ක් හා මොයින් අලී කඩුලු දෙකක් බිඳ හෙල්ද්දී තම අවසන් ජාත්‍යන්තර තරඟය ක්‍රීඩා කල ස්ටුවර්ට් බ්‍රෝඩ් කඩුලු දෙකක්ද සමඟින් තම ක්‍රිකට් දිවිය නිමා කලේය.

ඒ අනුව තරඟ 2-2 ක් ලෙසින් අලුබඳුන ජයපරාජයෙන් තොරව හමාර විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button