Cricket NewsEXCLUSIVEIPLMatch Review

Chennai Super Kings කණ්ඩායමට පිට පිටම සිව් වන පරාජයත් උරුම කරමින් Sunrisers Hyderabad සුපිරි ජයක් වාර්තා කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 17න තරගය ලෙස Chennai Super Kings කණ්ඩායම සහ Sunrisers Hyderabad කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු 8ක ජයක් හිමිකර ගැනීමට Sunrisers Hyderabad කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Sunrisers Hyderabad ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Chennai Super Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 154ක් රැස් කිරීමට සමත් වුණා.

Chennai Super Kings වෙනුවෙන් Moeen Ali ලකුණු 48ක් රැස් කළා

ඒ අනුව ලකුණු 155ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Sunrisers Hyderabad පිතිකරුවන් පන්දුවාර 17ක් සහ පන්දු 4 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 155ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Sunrisers Hyderabad වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Abhishek Sharma පන්දු 50කදී ලකුණු 75ක් වාර්තා කිරීමට සමත් වුනා.

Rahul Tripathi ලකුණු 39ක් රැස් කළ අතර Kane Williamson ලකුණු 32ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Dwayne Bravo සහ Mukesh Choudhary එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button