Cricket NewsEXCLUSIVE

මාස තුනකට අදික කාලයක් පුරප්පාඩුව පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා නම් කෙරේ.!

මාස කීපයක පටන් පුරප්පාඩු වී තිබූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය සඳහා Chris Silverwood මහතාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

පසුගිය වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරඟාවලියෙන් අනතුරුව එවකට ශ්‍රී ලංකා ජතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය දැරූ මිකී ආතර් මහතා ගිවිසුම් කාලය අවසන් අවසන් වීමත් සමග ඉවත් වුනා.

ඉන් අනතුරුව වැඩ බලන පුහුකරුවන් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කලත් ඉන් සාර්ථක ප්‍රථිපල අත් කර ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වුනා.

ඒ සමගයි අද දිනයේදි ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රධාන පුහුණුකරුවා ලෙස Chris Silverwood මහතාව පත් කිරීමට පියවර ගෙන තිබෙන්නෙ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ වසර දෙකක කාලයක් සදහා ඔහුව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇති බවයි.

Chris Silverwood මහතා එංගලන්ත පුහුණුකරු ලෙස කටයුතු කිරීමට අමතරව ඔහු ක්‍රීඩකයෙකු ලෙස එංගලන්ත ජාතික කණ්ඩායම ද ටෙස්ට් තරග 6කදී හා එක්දින තරග 7කදී නියෝජනය කළ අතර නිමා වූ අලුබදුන තරගාවලියේ දී තරග 4-0ක් ලෙස ලැබූ දරුණු පරාජයෙන් අනතුරුව ඔහුව ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය පෙබරවාරි මස මුල් සතියේ දී තීරණය කලා.

මේ පිළිබඳව ක්‍රිකට් ආයතනය තැබූ විශේෂ නිවේදනය පහතින්

09th April 2022

Media Release Chris Silverwood appointed as Sri Lanka Men’s Team Head Coach Sri Lanka Cricket wishes to announce the appointment of Chris Silverwood, Former England Men’s Head Coach, and player, as the Head Coach of the National Men’s team.

Silverwood, was appointed as Head Coach of England’s Men’s team in October 2019, having previously been the England Men’s bowling coach working under then Head Coach Trevor Bayliss when England won the ICC Men’s Cricket World Cup 2019. Silverwood played six Tests and seven ODIs for England and played county cricket for Yorkshire and Middlesex. After his playing career, Chris has taken into coaching, taking over Mashonaland Eagles in Zimbabwe, winning the inaugural Logan Cup before a very successful stint as the Head Coach of Essex County Cricket. At Essex, Chris has helped the club’s promotion in his first year in charge of the club and has led Essex to win the County Championship in 2017, after a lapse of 25 years.

His first competitive assignment with the Sri Lanka National team will be the upcoming Test series away in Bangladesh. He is contracted for a two year period. “We are delighted to appoint Chris as the new Head Coach of the national team.

He is an extremely experienced coach and from our discussions with him in the recruitment process it is clear he has the required qualities we are looking for to take the team forward,’’ said Ashley De Silva, CEO of Sri Lanka Cricket. “I am very excited to be on board with Sri Lanka and I cannot wait to get over to Colombo and get started. They have a talented and passionate group of players and I am really looking forward to meeting up with the players and coaching staff very soon,” said Chris Silverwood. – End-

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button