Cricket NewsEXCLUSIVE

ඉන්දීය පන්දු රකින්නන් ප්‍රේක්ෂකයන් බවට පත් කරමින් සිය වගකීම අකුරටම ඉටු කළ කුසල් මෙන්ඩිස්ගේ සුපිරි පිතිකරණය.!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ දෙවන තරගය අද පූනේ හිදී ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක හර්දික් පාණ්ඩ්‍යා පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනූව පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරණ යුගල වූ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ඉන්දීය පන්දු යවන්නන් කිසිවකු මායිම් නොකරමින් ඉන්දීය පන්දු රකින්නන් ප්‍රෙක්ශකයන් බවට පත් කරමින් ආරම්භක සබඳතාව ලකුණු 80ක් දක්වා රැගෙන ඒමට සමත් වුනා.

පන්දුවාර 8.1ක් පුරා ක්‍රියාත්මක වූ කුසල් මෙන්ඩිස් ⁣පන්දු පන්දු 31ක් තුල වේගවත් ලකුණු 52ක් රැස් කළ අතර එම වේගවත් ඉණිමට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් ඇතුළත් වුනා.

Yuzvendra Chahalගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් දැවී ගියේ සිය වගකීම අකුරටම ඉටු කරමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button