Cricket NewsEXCLUSIVEInternational

සුපිරි 8 දෙනාගේ වටය අද සිට ඇරඹෙයි

මෙවර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය ආරම්භ කරමින් සත්කාරක ඇමරිකා එක්සත් ජනපදය අද (19 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 8.00 ට දකුණු අප්‍රිකාවට එරෙහිව ඇන්ටීගාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී තරග බිමට ‍පිවිසෙනු ඇත.

සුපිරි 8 දෙනාගේ වටයේදී පළමු සහ දෙවැනි ලෙස කණ්ඩායම් හතර බැගින් වූ කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වෙනු ඇත. ඉන් පළමු කාණ්ඩයට ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ඇෆ්ඝනිස්ථානය සහ බංග්ලාදේශයද, දෙවැනි කාණ්ඩයට දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය සහ ඇමරිකාවද ඇතුළත්ව සිටියි.

සුපිරි 8 දෙනාගේ වටයේදී සෑම කණ්ඩායමක්ම තමන් නියෝජනය කරන කාණ්ඩයේ සෙසු කණ්ඩායම්වලට එරෙහිව එක් වරක් බැගින් තරග වැදීමට නියමිතය. සුපිරි 8 දෙනාගේ වටය අවසානයේ කාණ්ඩ දෙකේ ඉහළම ලකුණු ලබාගන්නා කණ්ඩායම් ‍හතර අවසන් පූර්ව වටයට සඳහා සුදුසුකම් ලබාගනු ඇත.

අවසන් පූර්ව වටයේ සිට තරගාවලිය පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග දෙකෙන් ජය ලබන කණ්ඩායම් අවසන් මහ තරගයට පිවිසෙනු ඇත. තරගාවලියේ අවසන් පූර්ව තරග මෙම මස 26 සහ 27 යන දිනවල ට්‍රිනිඩෑඩ්හිදී සහ ගයානාහිදීද, අවසන් මහ තරගය 29 වැනිදා බාබඩෝස්හිදීද පැවැත්වීමට නියමිතය.

සුපිරි 8 දෙනාගේ වටයේ තරග කාල සටහන පහත දැක්වෙන අතර එම තරග පැවැත්වෙන දින සහ වේලාවන් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා වේලාවෙනි.

සුපිරි 8 දෙනාගේ වටයේ තරග කාලසටහන

ජූනි 19 වැනිදා
ඇමරිකාව සහ දකුණු අප්‍රිකාව අතර – ප.ව. 8.00 ට ඇන්ටීගා

ජූනි 20 වැනිදා
එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර – පෙ.ව. 6.00 ට ශාන්ත ලුසියාහිදී
ඇෆ්ඝනිස්ථානය සහ ඉන්දියාව අතර – ප.ව. 8.00 ට බාබඩෝස්හිදී

ජූනි 21 වැනිදා
ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර – පෙ.ව. 6.00 ට ඇන්ටීගා
එංලන්තය සහ දකුණු අප්‍රිකාව අතර – ප.ව. 8.00 ට ශාන්ත ලුසියාහිදී

ජූනි 22 වැනිදා
ඇමරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර – පෙ.ව. 6.00 ට බාබඩෝස්හිදී
ඉන්දියාව සහ බංග්ලාදේශය අතර – ප.ව. 8.00 ට ඇන්ටීගා

ජූනි 23 වැනිදා
ඇෆ්ඝනිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතර – පෙ.ව. 6.00 ට ශාන්ත වින්සන්ට්හිදී
ඇමරිකාව සහ එංගලන්තය අතර – ප.ව. 8.00 ට බාබඩෝස්හිදී

ජූනි 24 වැනිදා

බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව අතර – පෙ.ව. 6.00 ට ඇන්ටීගා
ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර – ප.ව. 8.00 ට ශාන්ත ලුසියාහිදී

ජූනි 25 වැනිදා
ඇෆ්ඝනිස්ථානය සහ බංග්ලාදේශය අතර – පෙ.ව. 6.00 ට ශාන්ත වින්සන්ට්හිදී

ජූනි 27 වැනිදා
පළමු අවසන් පූර්ව තරගය – පෙ.ව. 6.00 ට ට්‍රිනිඩෑඩ්හිදී
දෙවැනි අවසන් පූර්ව තරගය – ප.ව. 8.00 ට ගයානාහිදී

ජූනි 29 වැනිදා
අවසන් මහ තරගය – ප.ව. 8.00 ට බාබඩෝස්හිදී

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button