BPLCricket NewsEXCLUSIVEPremier League

කෙටි කාලයක් ඇතුලත විස්සයි විස්ස පිටියේ ස්ථාවර වන්නට සමත්කම් දැක්වූ දනංජය ද සිල්වා හට සිය පළමු විදෙස් විස්සයි විස්ස ලීගයේ දොරටු විවර වෙයි.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 9 සංස්කරණය එලඹෙන වසරේ ජනවාරි 6 වැනිදා ආරම්භ වීමට නියමිතයි.මෙවර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දනංජයද සිල්වා එක්වීමට නියමිතයි.

මෙවර තරඟාවලිය දනංජයගේ කුළුඳුල් විදෙස් විස්සයි විස්ස ලීගය මෙට වන අතර ඔහු සිල්හෙට් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතවී තිබේ.දනංජය සිල්හෙට් පිල නියෝජනය කරන තුන්වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන අතර ඔහුට පෙර එලඹෙන තරඟවාරය සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක තිසර පෙරේරා මෙන්ම යොවුන් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් සිල්හෙට් පිල සමඟින් එක් විය.

ආසියානු කුසලාන තරඟාවලියේදී මෙන්ම අවසන් ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සා‍ර්ථක දස්කම් දැක්වූ අතර තරඟ 8 කදී ලකුණු 177 ක් ඔහු රැස් කරන්නට සමත් වූයේ 25.28 ක සාමාන්‍යක් හා 129.19. ප්‍රහාරක වේගයක්ද රඳවාගනිමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button