Cricket NewsEXCLUSIVEInternational

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය සදහා නම්කල Daily Mirror සඳහන් කරන ශ්‍රී ලංකා සංචිතය.

මේ මස අගදී ආරම්භ වීමට නියමිත තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලිය සඳහා නම් කර ඇති බවට වාර්ථා වන 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය
මාධ්‍යවෙත මුදාහැර තිබෙනවා.කෙසේ නමුත් Daily Mirror සඳහන් කරන අයුරින් මෙම සංචිතය තවමත් පවතින්නේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්වයි.

16 දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතයට ජ්‍යේෂ්ඨ ක්‍රීඩක දිනේශ් චන්දිමාල් හට කැඳවීම් ලැබී තිබෙනවා.ශ්‍රී ලංකා සංචිතය සවිමත් කරන දෙවන කඩුලු රකින්නා වන්නේද ඔහුයි.සංචිතයට වේගපන්දු යවන්නන් සිව් දෙනෙක් කැඳවීම් ලබද්දී තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න හට මෙවර සංචිතයේ ඉඩක් වෙන්වී නොමැති අතර ඔහුගේ ආදේශකයා ලෙසින් ධනංජය ලක්ෂාන් මෙවර සංචිතයට කැඳවීම් ලබා තිබේ.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය සදහා නම්කල ශ්‍රී ලංකා සංචිතය.

(01) දසුන් ශානක (C)
(02) පැතුම් නිස්සංක
(03) කුසල් මෙන්ඩිස්
(04) චරිත් අසලංක
(05) ධනංජය ද සිල්වා
(06) භානුක රාජපක්ෂ
(07) දිනේෂ් චන්දිමාල්
(08) අශේන් බණ්ඩාර
(09) වනිඳු හසරංග
(10) දුනිත් වෙල්ලාලගේ
(11) මහිෂ් තීක්ෂණ
(12) ධනංජය ලක්ෂාන්
(13) කසුන් රාජිත
(14) ලහිරු කුමාර
(15) ප්‍රමෝද් මදුෂාන්
(16) අසිත ප්‍රනාන්දු

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button