Cricket NewsDomestic CricketEXCLUSIVE

ධනංජය සිල්වා නායකත්වය දරන ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය පිට පිට දෙවන වරටත් මේජර් ලීග් ශූරතාවය ජයග්‍රහණය කරයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ සීමිත පන්දු වාර තරඟාවලියේ ශූරතාවය දිනාගන්නට ධනංජය ද සිල්වා නායකත්වය දරණ ටැමිල් යූනියන් කණ්ඩායම ඊයේ සමත් වූයේ ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ප්‍රභල යුධ හමුදා කණ්ඩායම කඩුලු 7 කින් පරාජය කරමිනි.

අද කොළඹ SSC පිටියේදී පැවැති අවසන් මහා තරඟයේ කාසිය වාසිය දිනාගත් යුධ හමුදා කණ්ඩායමේ නායක තිසර පෙරේරා මුලින්ම පන්දුවට පහර දෙන්නට තීරණය කලේය.තිසරගේ එම තීරණය එතරම් සාර්ථක නොවන බව පෙන්වමින් යුධ හමුදා කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 13 කදී දැවී ගියේය.

කෙසේ නමුත් යුධ හමුදා පිල වෙනුවෙන් අසේල ගුණරත්නගේ හා මහේෂ් කුමාරගෙන් වාර්ථා වූ ඉවිසිලිවන්ත අ‍ර්ධ ශතක හේතුවෙන් යම්තාක් හෝ දුරට ගෞරවාන්විත ලකුණු පුවරුවක් නිර්මාණය කරගන්නට ඔවුහු සමත් වූහ.කෙසේ නමුත් නියමිත පන්දුවාර 50 අවසානයේදී යුධ හමුදා කණ්ඩායමේ ලකුණු පුවරුව කියැවුණේ සියලු දෙනා දැවී ලකුණු 198 ක් ලෙසිනි.

ටැමිල් යූනියන් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ සන්තුශ් ගුණතිලක කඩුලු 3 ක් හා ඉසුරු උදාන කඩුලු 3 ක් දවාගන්නට සමත් විය.

පිළිතුරු ඉනිම අරඹමින් ලකුණු 199 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ටැමිල් යූනියන් කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාදෙන්නට රොන් චන්ද්‍රගුප්ත හට හා ඩිල්රුවන් පෙරේරා හට හැකියාව ලැබුණි.ටැමිල් යූනියන් ඉනිමේ 15 වැනි පන්දුවාරයේදී හා 30 වැනි පන්දුවාරයේදී තරඟයට වර්ශාවෙන් බාධා එල්ල විය.

කෙසේ නමුත් 30 වැනි පන්දුවාරයේදී තරඟය නතර කරන විට ටැමිල් යූනියන් කණ්ඩායම වඩාත් ස්තාවර මට්ටමක සිටියේය.ඒ වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 141 ක් රැස් කර සිටි ටැමිල් යූනියන් කණ්ඩායමට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 37 කදී හිමිවූ ඉලක්කය ලකුණු 153 කි.

පන්දුවාර 31 කුත් පන්දු 2 ක් අවසානයේදී කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය සාර්ථකව පසුකරයන්නට ටැමිල් යූනියන් කණ්ඩායම සමත් විය.අගනා ඉනිමක් දියත් කරමින් ටැමිල් යූනියන් කණ්ඩායම ජයග්‍රහණය සඳහා ගෙන ගිය සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 58 ක් රැස් කරන්නට සමත් විය. ඔහුට අමතරව ආරම්භක පිතිකරු ඩිල්‍රුවන් පෙරේරා ලකුණු 37 ක් රැස් කලේය.යුධ හමුදා පිල වෙනුවෙන් අසංක මනෝජ් ලකුණු 27 කට කඩුලු 2 ක් දවාගත් අතර සෙසු එකදු පන්දු යවන්නෙක්ට හෝ සාර්ථක වන්නට අවකාශය නොලැබුනි.

මෙවර අන්තර් සමාජ සීමිත පන්දුවාර තරඟාවලියේ අවසන් මහා තරඟය කඩුලු 7 කින් ජයගත් ටැමිල් යූනියන් කණ්ඩායම පසුගිය වසරේදීද මෙම ශූරතාවය දිනාගෙන තිබීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button