Cricket NewsEXCLUSIVEInternational

බංගලාදේශ දඟ පන්දු යවන ක්‍රීඩක Naseem Ahamed යොමු කළ 15වන පන්දුවාරයට පමණක් ලකුණු 34ක් උදුරාගත් Ryan Burlගේ ගිනිකෙළි සැණකෙළිය.!

බංගලාදේශය සහ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වුණු තරඟ 3කින් සමන්විත විස්සයි-20 තරඟාවලියේ අද පැවති තෙවන සහ අවසන් තරඟයෙන් ලකුණු 11ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමින් 2-1ක් ලෙස තරඟාවලිය ජයග්‍රහණය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද සමත් වුනා.

මෙම තීරණාත්මක තෙවන තරගයේ වීරයා බවට පත්වූ සිම්බාබ්වේ ක්‍රීඩක Ryan Burl සුපිරි පිතිකරණයක නියැලෙමින් පන්දු 28ක් තුළ වේගවත් ලකුණු 54ක් රැස්කිරීමට සමත්වුයෙ දැවැන්ත පහර 6ක් සහ හතරේ පහර 2ක් එල්ල කරමිනි.

එමෙන්ම Ryan Burlගේ ඉණිමේ විශේෂ අවස්ථාව වූයේ බංගලාදේශ දග පන්දු යවන ක්‍රීඩක Naseem Ahmad විසින් යොමු කළ සිම්බාබ්බේ ඉනිමේ 15 වන පන්දුවාරයේදී ලකුණු 34 ක් උදුරා ගැනීමට Ryan Burl සමත්වීමයි.

එම පන්දුවාරය පළමු පන්දු 4ටම පිට පිට දැවැන්ත හයේ පහර 4ක් එල්ල කළ Ryan එම පන්දුවාරයේ 5වන පන්දුවට හතරේ පහරක් එල්ල කළ අතර අවසාන පන්දුවට ද දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් එම පන්දුවාරය පුරාවට දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහරකින් Naseem Ahamedට සංග්‍රහ කිරීමට සමත් වුණා.

තරගයේ 15 වන පන්දුවාරයේ ක්‍රියාත්මක වූ ගිණිකෙළි සැණකෙළිය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button