Cricket NewsEXCLUSIVE

තරඟාවලියක් අතරමැද,ලෝක කුසලානයට මාස තුනක් පමණක් ඉතිරිව තිබියදී බංග්ලාදේශ නායක ටමිම් ඉක්බාල් හදිසියේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී !

ඉකුත්දා ඇෆ්ගනිස්ථානය හමුවේ සත්කාරක බංග්ලාදේශය පළමු එක්දින තරඟය පරාජය වීමෙන් අනතුරුව Chattogram හිදී හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් බංග්ලාදේශ වත්මන් එක්දින නායක ටමිම් ඉක්බාල් තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව අද නිවේදනය කලේය.

එරට මාධ්‍ය හමුවේ සංවේදී වෙමින් ඉක්බාල් කියාසිටියේ “මෙය මගේ අවසානයයි. මම මගේ උපරිමය ලබා දුන්නා. මම මගේ උපරිමයෙන් උත්සාහ කළා. මම මේ මොහොතේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නවා.”

කණ්ඩායමේ ක්‍රීඩකයින්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට ස්තුතිය පුද කරමින් ඉක්බාල් වැඩිදුරටත් පැවසුවේ, “මගේ සියලුම කණ්ඩායමේ සගයන්ට, පුහුණුකරුවන්ට, BCB නිලධාරීන්ට, මගේ පවුලේ සාමාජිකයින්ට සහ මගේ දිගු ගමනේදී මා සමඟ සිටි අයට ස්තූති කිරීමට මට අවශ්‍යයි. ඔවුන් මා කෙරෙහි විශ්වාසය තැබුවා.”

ඔහු රසික රසිකාවියන්ට ස්තුතිය පුදකරමින් කියා සිටියේ, “මමත් රසිකයින්ට ස්තුති කරන්න ඕන. ඔබලාගේ ආදරය සහ මා කෙරෙහි ඇති විශ්වාසය බංග්ලාදේශයට මගේ උපරිමය ලබා දීමට මා තුළ පෙලඹීමක් ඇති කළා. මගේ ජීවිතයේ මීළඟ පරිච්ඡේදය සඳහා ඔබේ යාච්ඤාවන් ඉල්ලා සිටීමට මට අවශ්‍යයි. කරුණාකර තබා ගන්න. මම ඔබේ යාච්ඤාවලදී.” යනුවෙන්

එක්දින ලෝක කුසලානය ඇරඹෙන්නට තවත් මාස තුනක් ඉතිරිව තිබියදී තරඟාවලියක් පැවැත්වෙන අතර තුර වත්මන් එක්දින නායකයා හදිසියේ විශ්‍රාම ගැනීම බංග්ලාදේශ ක්‍රිකට් පාලනය තුල ඇති අර්බුධ ලොවට අනාවරණය වීමක් බවයි ජාත්‍යන්තර මාධ්‍ය කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button