Cricket NewsEXCLUSIVEIPL

“අපේ රටේ තවත් දක්ෂයො ඉන්නවා, ඒක ලෝකයටම පෙන්නන මට්ටමට අපි ඉක්මනටම එනවා” – භානුක රාජපක්ෂ ඉන්දීය මාධ්‍යට කියයි.!

ඊයේ මුම්බායි නුවර වංකඩේ ක්‍රීඩාංගණයේදී ප්‍රභල Chennai Super Kings කණ්ඩායම ලකුණු 11 කින් පරාජය කරන්නට Punjab Kings කණ්ඩායම සමත් වුනා.පළමු කඩුල්ල දැවී යාමෙන් අනතුරුව භානුක රාජපක්ෂ හා Shikhar Dhawan එක් කල ශතක සබඳතාවය Punjab Kings කණ්ඩායම ගෞරවනීය මට්ටමක් කරා රැගෙන ඒමට සමත් වුනා.

එමෙන්ම තරඟ 4කට පසුව නැවතත් අවස්ථව ලැබුණු භානුක රාජපක්ෂගෙන් සාර්ථක නැවත පැමිණීමක් දක්නට ලැබුණි.

තරඟයෙන් අනතුරුව ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වැඩි ගණනක් එක් වීම පිළිබඳව මාධ්‍ය හමුවකදී අදහස් ප්‍රකාශ කර සිටියා. ශ්‍රී ලංකාව පසුගිය විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියේදී නැවත පිබිදුනු අයුරු ද සිහි කරන්නට භානුක අමතක කලේ නැහැ.

ඒ වැඩිදුරටත් අදහස් දක්වමින් මෙලෙස ප්‍රකාශ කර සිටියා,

“මුලින්ම අපි හැමෝටම ලබා දී ඇති අවස්ථාව ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය වසර දෙක තුළ අපට ලැබුණු විශිෂ්ටතම වසරක් නොවුනත් පසුගිය ලෝක කුසලාන තරඟාවලියේ දැක්වූ දස්කම් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පිළිබඳව IPL කණ්ඩායම් වල ඇස් යොමු වුනා.

අපි හැමෝටම මෙතනට(IPL තරඟාවලියට ) එන්න පුළුවන් වුන එක ලොකු අවස්ථාවක්, ඒ වගේම ක්‍රිකට් ලෝකයේ හොඳම ක්‍රීඩකයන් එක්ක සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙනවා, එකිනෙකා දැන හඳුනා ගැනීමට ලැබීම නිසා මෙතනින් අපිට ලැබෙන අත්දැකීම ගොඩක් වටිනවා. ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ව තෝරාගැනීම ගැන මට ගොඩක් සතුටුයි.

ගෙවුණු අවුරුදු වල අපේ ක්‍රිකට් හොඳ තැනක නොතිබුනත්, පසුගිය ලෝක කුසලාන තරඟාවලියේ අපි ක්‍රීඩා කරපු විදිහ එක්ක මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේ අපිට අවස්ථාව ලැබෙන්න හේතු වුනා, මීටත් වඩා දක්ෂයො ඉන්නවා අපේ රටේ ඒක ලෝකයටම පෙන්නන මට්ටමට අපි එනවා ඉක්මනටම.”

යනුවෙන් භානුක රාජපක්ෂ එහිදී ප්‍රකාශ කර සිටියා.

භානුක රාජපක්ෂ සහබාගි වූ එම මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7