Cricket NewsEXCLUSIVE

“මේ ශතකයත් මගෙ තාත්තට” – ධනංජය සිල්වා රැස් කළ 9වන ශතකයත් සිය පියා වෙනුවෙන් වෙන් කරයි.!

ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුයුක්තව පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන සහ අවසන් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන අතර තරඟයේ අවසන් දිනය මෙට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර මෙම තරඟයේදී ශ්‍රී ලංකා දෙවන ඉණිමේ වීරයා බවට පත්වූ ධනංජය ද සිල්වා සිය 9 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වූයේ අසීරුම අවස්ථාවේ සිය කණ්ඩායමට සවියක් වෙමිනි.

නායක දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තරගයයේ වැ බලන නායක ලෙස කටයුතු කරනු ලබන්නේ ද ධනංජය ද සිල්වා සිල්වායි.

ඔහු රැස් කළ මෙම ශතකයට හතරේ පහර 16ක් ඇතුළත් වුණා.

අනතුරුව ඔහු අවාසනාවන්ත දුවද්දි දැවී යාමකට හසු වී දැවී යන විට ධනංජය ද සිල්වා පන්දු 171ක් තුළ ලකුණු 109ක් රැස් කිරීමට සමත්ව සිටියා.

තරඟය අද දිනයට අවසන් කිරීමෙන් අනතුරුව සිය සමාජ මාධ්‍ය කිරීමේ විශේෂ සටහනක් එක් කරමින් ද ධනංජය ද සිල්වා තමන්ගේ මෙම 9 වන ශතකය සිය පියා වෙනුවෙන් වෙන් කිරීමට කටයුතු කර තිබුණා.

එමෙන්ම ධනන්ජයද සිල්වා ගේ පියා මිය ගිය දින පටන් ධනංජය සිල්වා රැස් කළ සියලුම ශතක සිය පියා වෙනුවෙන් වෙන් කිරීමට ඔහු කටයුතු කළා.

ධනංජය සිල්වා තැබු සමාජ මාධ්‍ය සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7