Cricket NewsEXCLUSIVE

“අර්බුධ රැසක සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට දිය හැකි හොඳම තිළිණය වනුයේ ආසියානු කුසලාන කුසලානයයි” – හිටපු ඉන්දීය ක්‍රීඩක වසීම් ජැෆර්

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ආසියානු කුසලානයේ සුපිරි හතර දෙනාගේ වටය ආරම්භ කලේ ලීග් පිටියේ කප්පිත්තන් ප්‍රමුඛ ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුලු 4 කින් පරාජය කරමින්. ඉන් නොනැවතුන ශ්‍රී ලංකාව ප්‍රභල ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් මෙවර ආසියානු කුසලානයේ සිය ස්ථානය තහවුරු කර ගනු ලැබුවා. හිටපු ඉන්දීය ක්‍රීඩකයෙකු මෙන්ම ඉන්දීශ දේශීය ක්‍රිකට් පිටියේ බිහිවූ සාර්ථකම පිතිකරුවෙකු ලෙසින් සැලකෙන වසීම් ජැෆර් ශ්‍රී ලංකා ජයග්‍රහණය මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ පැතුම් මල් ඵල ගැන්වූ ජයක් බව සඳහන් කලේය.

පසුගියදා BatBricks7 ඉදිරිපත් කරන Run Ki Runneeti වැඩසටහනේදී ඔහු කියා සිටියේ ,

“තම රටේ පවතින අර්බුද මැද ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට හොඳම ලබා දිය හැකි හොඳම තිළිණය වනුයේ ආසියානු කුසලාන කුසලානය ජයග්‍රහණය කිරීමයි”

පවතින දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වය මත ගොඩනැගුණු අර්බුධයන්ගෙන් පීඩාවට පත්ව සිටින සමස්ත ලාංකේය ක්‍රීඩා ලෝලීන් පසු කරමින් සිටින්නේ අතිශය පීඩාවට පත්වූ කාල සීමාවකි. මෙම කාලය තුලදී ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් තමන්ගේ පීඩනය මෙකී තරඟ ජයග්‍රහණ වලින් අකා මකා ගන්නා බව නොරහසක්

පසු ගිය දින කිහිපය පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් ඔවුන් දෛනිකව ප්‍රීති ඝෝෂා නැගන බවක් පෙනෙන්නට තිබුණි. පෙරට වඩා මෙම අපූරු දූපත් රාජධානියේ ක්‍රීඩා ලෝලීන් තම ක්‍රීඩකයින් වෙනුවෙන් ඕනෑම කාලයක නංවන අත්පොලසන් හා ඔවුන්ව අත්නොහැර සිටීම විශිෂ්ඨ ගණයේ ක්‍රීඩා ලෝලීන් සතු ගුණාංගයක් බව අවිවාධයෙන්ම පිලිගත යුතුය.

මෙකී ක්‍රීඩා ලෝලීන් හට ලබා දිය හැකි හොඳම තිළිණය ඔවුන් ජයග්‍රහණ වලින් සැරසීමය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7