Cricket NewsEXCLUSIVE

“ඇයි ඔබ ඔබේ කණ්ඩායම විශ්වාස කරන්නෙ නැත්තෙ, ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය පුදුමයක් නෙමෙයි ඔවුන් දක්ෂයි” – ශ්‍රී ලංකාව හෑල්ලු කළ මාධ්‍යවේදියාට ඉන්දිය නායකයා දුන් සැර පිළිතුර.!

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ආසියානු කුසලානයේ සුපිරි හතර දෙනාගේ වටය ආරම්භ කලේ ලීග් පිටියේ කප්පිත්තන් ප්‍රමුඛ ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුලු 4 කින් පරාජය කරමින්. ඉන් නොනැවතුන ශ්‍රී ලංකාව ප්‍රභල ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් මෙවර ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයේ සිය ස්ථානය තහවුරු කර ගනු ලැබුවා.

තරඟයේන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඉන්දීය නායකයා ප්‍රකාශ කර සිටියේ ශි ලංකාව දක්ෂ කණ්ඩායමක් බවයි. එමෙන්ම මාධ්‍යවේදියකු ඇසු ප්‍රශ්නයකට ද ඔහු අපුරුවට පිළිතුරු ලබා දුන්නා.

මාධ්‍යවේදියා : ඔබ හිතුවද මෙවැනි පරාජයක් ලංකාව හමුවේ සිදුවෙයි කියලා? මොකද ශ්‍රී ලංකාව තරගාවලිය ආරම්භයේ සුපුරුදු දක්ෂතා අතර හිටියේ නැ.

රෝහිත් : ඇත්තටම මම දන්නේ නැ ඇයි ඔබ ඔබේ කන්ඩායම පිලිබදව අවිශ්වාසයක්ඇති කරගෙන තියෙන්නේ කියලා

මාධ්‍යවේදියා : නැ ඇතමුන් කියනවා ශ්‍රී ලංකාව සුපුරුදු දක්ෂතා අතර හිටියේ නැ කියලා

රෝහිත් : කව්ද කියන්නේ

මාධ්‍යවේදියා : ඉන්දීය මාධ්‍ය

රෝහිත් : මම විශ්වාස කරන්නේ නැ ඔය වගේ ප්‍රකාශයන්.. ක්‍රීඩා කරන හැම කන්ඩායමක්ම හොද කන්ඩායමක්. ජයග්‍රහනය සදහා අපිට හොදින් ක්‍රීඩා කරන්න වෙනවා. ඒක ඉතා සරලයි.අපි කවදාවත් ප්‍රතිවාදී කන්ඩායම් සැහැල්ලුවට ගන්නේ නැ. නම් සදහන් කරන්නේ නැ මම ඕනෑම කන්ඩායමක් සමග ජයගන්නනම් අපි හොද දක්ෂතා අතර ඉන්න ඕනා. ඇත්තටම ශ්‍රී ලංකා කන්ඩායමේ ජයග්‍රහනය පුදුමක් නෙමෙයි.

එම මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button