Cricket NewsEXCLUSIVE

ලෝක ටෙස්ට් ශුරතාවලියේ ශ්‍රී ලංකා ඉදිරි ගමන්මග තීරණය වන නවසීලන්ත සමග පැවැත්වෙන තීරණාත්මක ටෙස්ට් තරඟාවලියට පැය කිහිපයයි – තරඟාවලිය නරඹන්නේ මෙහෙමයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අතිශය තීරණාත්මක තරඟාවලියක් ලෙස ටෙස්ට් තරඟ 2ක් එක්දින තරඟ 3ක් සහ විස්සයි-20 තරඟ 3කින් සමන්විතව ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසිලන්ත තරඟ සංචාරය එළඹෙන මාර්තු 9 වන දා එනම් හෙට දිනයේ සිට අප්‍රේල් 08 දක්වා පැවැත්වීමට නියමිත ය.

තරඟ පැවැත්වෙන කාල සටහන මෙසේය,

ටෙස්ට් තරඟ කාලසටහන

පළමු ටෙස්ට් තරගය – මාර්තු 09 සිට 13වනදා දක්වා සෑම දිනකම මෙරට වේලාවෙන් උදෑසන 03:30ට Christchurch හි Hagley Oval ක්‍රීඩාංගනයේදී

දෙවන ටෙස්ට් තරගය – මාර්තු 17 සිට 21වනදා දක්වා සෑම දිනකම මෙරට වේලාවෙන් උදෑසන 03:30ට Wellington හි Basin Reserve ක්‍රීඩාංගනයේදී

එක්දින තරග කාල සටහන

පළමු එක්දින තරගය – මාර්තු 25 මෙරට වේලාවෙන් උදෑසන 06:30ට Aukland හි Eden Park ක්‍රීඩාංගනයේදී

දෙවන එක්දින තරගය – මාර්තු 28 මෙරට වේලාවෙන් උදෑසන 06:30ට Christchurch හි Hagley Oval ක්‍රීඩාංගනයේදී

තෙවන එක්දින තරගය – මාර්තු 31 මෙරට වේලාවෙන් උදෑසන 06:30ට Hamilton හි Seddon Park ක්‍රීඩාංගනයේදී

විස්සයි-20 තරග කාල සටහන

පළමු විස්සයි-20 තරගය – අප්‍රේල් 2 මෙරට වේලාවෙන් උදෑසන 05:30ට Auckland හි Eden Park ක්‍රීඩාංගනයේදී

දෙවන විස්සයි-20 තරගය – අප්‍රේල් 5 මෙරට වේලාවෙන් උදෑසන 05:30ට Dunedin හි University Oval ක්‍රීඩාංගනයේදී

තෙවන විස්සයි-20 තරගය – අප්‍රේල් 8 මෙරට වේලාවෙන් උදෑසන 05:30ට Queenstown හි John Davies Oval ක්‍රීඩාංගනයේදී

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයේ නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය Supreme TV නාලිකාව විසින් ලබා ගෙන තිබෙන අතර Dialog TV හා PEO TV පාරිභෝගිකයන් සදහා ද නැරඹිය හැකි පරිදි Satellite/IP TV විකාශන අයිතියද සුපුරුදු පරිදි ඔවුන් ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7