Cricket NewsEXCLUSIVEInternational

“අපි ශ්‍රේණිගත ලයිස්තුවේ 7 වැනි තැන ඉන්නවා. ඒක ඉලක්කමක් විතරයි” – ශ්‍රි ලංකා එක්දින නායක කුසළ් මෙන්ඩිස්

අන්තර්ජාතික ක්‍රිකට් සභාව අවසන් වරට (2024 ජනවාරි 11 වැනිදා) කළ එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව, ප්‍රසාද ලකුණු 88 ක් හිමි ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානයේ සිටී. ප්‍රසාද ලකුණු 84 ක් ඇති ඇෆ්ඝනිස්ථානය කණ්ඩායම් ශ්‍රේණිගත ලයිස්තුවේ 9 වැනි ස්ථානයේ ඇත.

“අපි ශ්‍රේණිගත ලයිස්තුවේ 7 වැනි තැන ඉන්නවා. ඒක ඉලක්කමක් විතරයි”

“ඒත් වැඩිය හොඳට (සෙල්ලම්) කළොත් අපිට උඩට එන්න පුළුවන්. කලින් අවුරුදු වල අපි හොඳට (සෙල්ලම්) කරපු නැති නිසා තමයි අපි ශ්‍රේණිගත කිරීම් වල පල්ලෙහාට ගියේ” යයි ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් අද (08 වැනිදා) පස්වරුවේදී පල්ලෙකැළේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button