Cricket NewsEXCLUSIVE

“ඉන්දියාවට තරගය මේ තරම් ලේසි වුනේ ශ්‍රී ලංකා නායකයා ලබා ගත් ඒ වැරදි තීරණය නිසයි. අපි දසුන් ශානකට ස්තූතිවන්ත වෙන්න ඕනි” ඉන්දීය විස්තර විචාරක ආකාශ් චොප්රා !

මෙවර ආසියානු කුසලානය ඉන්දීය කණ්ඩායම පහසුවෙන් කඩුලු 10 කින් ජයගැනීමත් සමඟින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක කාසියේ වාසියෙන් පසු ලබාගත් තීරණය පිළිබඳව කතා බහට ලක්වූ බව නම් නොරහසක්.

ඒ පිළිබඳව අඩුවැඩි වශයෙන් දෙස් විදෙස් විචාරකින් චෝදනාත්මක මුඛයෙන් අදහස් ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම ඉන්දීය විස්තර විචාරක ආකාෂ් චොප්රා දසුන් ශානක පිළිබඳව කියා සිටින්නේ මෙවැන්නක්.

“මේ වලාකුලූ එක්ක දසුන් ශානක කාසියේ වාසිය ජය ගැනීමත් එක්ක මමත් බය වුනා. කාසියේ වාසිය ජයග්‍රහණය කළා නම් නිවැරදි තීරණය මුලින් පන්දු යැවීම. පළමු පන්දුවාර දහයේ පන්දුව බොහෝ දෝලනය වෙනවා. දසුන් ශානක මුලින් බැට් කරන්න තීරණය කිරීම ගැන මම පුදුමයට පත් වුණා. ඉන්දියාවට තරගය මේ තරම් ලේසි වුනේ ශ්‍රී ලංකා නායකයා ලබා ගත් ඒ වැරදි තීරණය නිසයි. අපි දසුන් ශානකට ස්තූතිවන්ත විය යුතුයි.” – ඉන්දීය ක්‍රිකට් විචාරක අකාෂ් චොප්රා –

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button