Cricket NewsEXCLUSIVEInternational
“ඇත්තටම කණගාටුයි අපි ඔබව කලකිරීමට පත් කිරීම ගැන” දසුන් ශානක කියයි.
2023 ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී තම කණ්ඩායම ඉන්දියාව හමුවේ කඩුලු 10 කින් පරාජයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා නායක දසුන් ශානක කලකිරීමට පත් විය. ශ්‍රී ලංකාව ලකුණු 50කට දැවී ගිය අතර ඉන්දියාව පන්දුවාර 6.1කදී එම ඉලක්කය සාර්ථකව පසුකර ගියේය.
“පසුගිය වසර දෙකේ ඉදන් ක්‍රීඩකයින් හොඳ ක්‍රිකට් එකක් දිගටම කරගෙන යනවා. අපිට සහයෝගය දෙන්න ආව ප්‍රේක්ශකයන්ට මම ස්තූති කිරීමට කැමතියි. අපි ඔබව කලකිරීමට පත් කළ කාරණය ගැන කණගාටුයි. තවමත් අපිට දෙන විශාල සහයෝගයට ස්තූතියි. ඒ වගේම ඉන්දීය කණ්ඩායමට සුබ පැතුම්” ශානක පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
4
+1
6
+1
25
+1
4
+1
7
+1
39