Cricket GossipCricket NewsEXCLUSIVE

“කරේ තිබුන මාලේ උගස් කරල තමයි මුලින් වැඩේ පටන්ගත්තෙ, පස්සෙ ටික ටික මැච් ලැඛෙනව එක්ක ඒ ලැබුන සල්ලි මේ වෙනුවෙන් දුන්නා” – ක්‍රිකට් සල්ලි වලින් චාමික ගමේ පන්සලට දුන්න තෑග්ග.!

චාමික කරුණාරත්න ගැන මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට නැතුවම බැරි තුන්ඉරියව් ක්‍රීඩකයකු බවට පත් වී තිබෙනවා. විටෙක පන්දුවෙන් විටෙක පිත්තෙන් දස්කම් දක්වන චාමික කරුණාරත්න අතිදක්ශයෙක් බව නොරහසක්.

එමෙන්ම ක්‍රිඩා පිටියේ කිසිවිටක ජයග්‍රහණය අත හැරීමට අකමැති චාමික ක්‍රිඩා පිටියෙන් එපිට ඉතා සංවේදි පුද්ගලයකු බව චාමිකව දන්නා හඳුනන සැවොම දන්නා කරුණක්

මේ අතර පසුගියදා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන අශේන් සේනාරත්න විසින් චාමික කරුණාරත්න සමග පැවැත්වු වැඩසටහන් YouTube වෙත එක් කර තිබෙනවා.

ඒ චාමික කරුණාරත්නගේ පියා⁣ උපන් ගම වන බලපිටියට ප්‍රදේශයේ පන්සලකට දාන ශාලාවක් තනා දීම සම්බන්දයෙනි.

මෙම වැඩසටහනේදි මේ පිළිබඳව අදහස් දැක්වූ චාමික මෙලෙස සඳහන් කර සිටියා

“මම ගොඩක් බුදුදහමට ලැදි කෙනෙක් පන්සලේ දානශාලාව හදන්න ඕන කියල මට මුලින්ම හිතට එද්දි මට වයස 24යි. ඒ කාලෙ ලොකුවට සල්ලියක් තිබුනෙ නෑ මට දානශාලාවක් හදන්න තරම්.. ඒ නිසා ගෙදරිනුත් මට ටිකක් අදිමදි කලා. ඒත් මම අම්මට කිව්වා නෑ අම්මේ මම මේක කොහොම හරි හදනවා කියලා..

මම අධිෂ්ඨාන කරගත්තා. මේකට මුල්ගල තියනකොට මම හිතුවෙ මට මේකට උදව් කරන හැමෝටම මෙයින් ලැබෙන පිනෙන් සුබවත් ජීවිත ගත කරන්නට ලැබෙන්න ඕනා කියලා. කරේ තිබුන මාලෙ උගස් කරල තමයි මුලින් වැඩේ පටන්ගත්තෙ පස්සෙ ටික ටිකමැච් ලැඛෙනව එක්ක ඒ ලැබුන සල්ලි මේ වෙනුවෙන් දුන්නා. පටන්ගන්නකොට හිතුවෙ සල්ලි මදි වුනොත් මගෙ කාර් එක විකුණලා ඒ සල්ලි වලින් හදනවා කියලා”

එම වැඩසටහන පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button