Cricket NewsEXCLUSIVE

අවසන් පන්දුවාරය දක්වා වූ තියුණු සටනක් අවසානයේ පකිස්ථාන කණ්ඩායම පරාජය කළ ඉන්දියාවට කඩුලු 5ක ජයක්.!

ආසියානු ප්‍රභලයන් තරඟ වදින ආසියානු කුසලාන තරඟාවලිය ඊයේ ආරම්භ වූ අතර තරඟාවලියේ උද්වෙගකරම තරඟය ලෙස පැවැත්වෙන ඉන්දීය පකිස්ථාන තරඟයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කරමින් Group A ඛණ්ඩයේ පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා පකිස්ථාන කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 19.5 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 147ක් රැස් කිරීමට සමත් වුණා.

පකිස්ථානය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Mohammad Rizwan ලකුණු 43ක් වාර්තා කිරීමට සමත් වුනා. Iftikhar Ahmed ලකුණු 28ක් රැස් කළ අතර Shahnawaz Dahani ලකුණු 16ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Bhuvneshwar Kumar කඩුලු 4ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 148ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් පන්දුවාර 19.4ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 148ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Ravindra Jadeja ලකුණු 35ක් රැස් කල අතර irat Kohli ලකුණු 35ක් සහ Hardik Pandya වේගවත් ලකුණු 33ක් රැස් කළා.

පන්දු යැවීමේදී Mohammad Nawaz කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7