Cricket NewsEXCLUSIVE

“ලසිත් මාලිංග නම් විශිෂ්ටයා, මතීෂ පතිරණ යැවූ අවසන් පන්දුවාරය දැක බොහෝ සෙයින් සතුටු වේවි” – Desert Vipers වෙනුවෙන් මතිෂ පතිරණ යැවූ විශිෂ්ට අවසන් පන්දුවාර පිළිබඳව අදහස් දක්වමින් සයිමන් ඩූල් කියයි.!

පන්දුවාර 16‍යි. ලකුණු 117ට කඩුලු 5යි. ප්‍රහාරාත්මක පිතිකරුවන් දෙපලක් වුනු රොව්මන් පවෙල් සහ යූසුෆ් පතාන් පිටියේ.. ජයග්‍රහණය සදහා තවත් ලකුණු 33ක් අවශ්‍යයි. පන්දුවාර හතරක් තුල මේ ලකුණු සංඛ්‍යාව මේ පිතිකරුවන් දෙදෙනාට කජ්ජක් නෙමෙයි.

පීඩනය Desert Vipers පන්දු යවන්නන්ට.. ඒ පීඩනය හමුවේ 17 වෙනි පන්දුවාරය යවන්න පන්දුව අතට ගන්නේ ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ,

මතීෂ විශිෂ්ඨ පන්දුවාරයක් ක්‍රියාත්මක කරමින් සිය පන්දුවාරය තුල ලබා දෙන්නේ ලකුණු 3ක් විතරයි. මතීෂගේ සගයා වුනු ටොම් කරන් නිකන් හිටියෙත් නැ.. එයත් දක්ෂ ලෙස ඉතාම හොදින් පීඩනය දෙනවා.

නැවතත් තීරණාත්මක 19 වෙනි පන්දුවාරය භාර වෙන්නේ මතීෂට. ඒ වෙලාවේ Dubai Capitals ක්‍රීඩකයින්ට ජයග්‍රහණය සදහා අවශ්‍ය වන්නේ ලකුණු 23ක් විතරයි.

බර අවි ප්‍රහාරකයෙක් වුනු රොව්මන් පවෙල් සහ පතාන් අන්ත අසරණ කරමින් ලකුණු 6කට සිය පන්දුවාරය ක්‍රියාත්මක කරන්න මතීෂ පතිරණ සමත් වෙනවා.

අවසානයේ ටොම් කරන් සහ මතීෂ පතිරණගේ මේ විශිෂ්ඨ පන්දු යැවීම නිසාවෙන් Desert Vipers ක්‍රීඩකයින් තරගයේ ජය තහවුරු කරනවා.

මෙහිදී විස්තර විචාරයේ දී සිටි සයිමන් ඩූල් මහතා මතිෂ ගැන මෙහෙම කියනවා, ” ලසිත් මාලිංග නම් විශිෂ්ඨයා මතීෂ පතිරණ යැවූ අවසන් පන්දුවාරය දැක බොහෝ සෙයින් සතුටු වෙනු ඇති…”

ඊට පිළිතුරු දුන් වසීම් අක්‍රම් : ” ඔව්… ඔහු අනිවාර්යයෙන්ම ආඩම්බර වේවී.. මමත් ගොඩාක් ආඩම්බර වෙනවා. මේ තරුණ ක්‍රීඩකයා පීඩනය යටතේ ඒ පන්දුවාරය ක්‍රියාත්මක කල ආකාරය ගැන..” යනුවෙන් ප්‍රකාශ කර සිටියා.

ඒ තමයි මතීෂ පතිරණ !!!

මීට කාලෙකට කලින් පිතිකරුවන්ගේ ඇගිලි තුඩු තුවාල කරපු පිතිකරුවන් බිය වද්දපු ඒ මාලිගේ යෝකර් අවිය නැවතත් මාලිංගයන්ගේම අපූරු හැඩයෙන් ලෝකය මතට කා වද්දන්නට මේ පුංචි මාලිංගට හැකියාව ලැබෙනවා.

තාම පටන් ගත්තා විතරයි. උබට දිනවන්න තව හුගාක් තරග තියෙයි කොල්ලෝ !!!

– Rishie Bro තැබූ සටහනක් ඇසුරුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button