Cricket NewsEXCLUSIVEILT20

වනිඳු හසරංගගේ සහ මතීෂ පතිරණගේ සුපිරි දස්කම් මැද Desert Vipers කණ්ඩායම ILT20 තරඟාවලියේ සිය 5වන ජයග්‍රහණයත් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට.!

ලොව ප්‍රබල ක්‍රිකට් තරු පිරිවරා එක්සත් අරාබි එමීර් රාජ්යේදී පළමු වරට පැවැත්වෙන “International T20 League” (UAE ILT20 2023) තරඟාවලියේ 20වන තරඟය ලෙස Desert Vipers කණ්ඩායම සහ Dubai Capitals කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 12ක තියුණු ජයක් හිමිකර ගැනීමට Desert Vipers කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Dubai Capitals කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Desert Vipers කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Desert Vipers කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 149ක් රැස් කිරීමට සමත් වුණා.

Desert Vipers වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Colin Munro පන්දු 32කදී ලකුණු 40ක් වාර්තා කිරීමට සමත් වුනා.

Sam Billings ලකුණු 25ක් රැස් කළ අතර Sherfane Rutherford ලකුණු 22ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Adam Zampa කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 150ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Dubai Capitals පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 137ක් පමණයි.

ජයග්‍රහණය සඳහා Dubai Capitals කණ්ඩායමට අවසන් පන්දුවාර 4ට ලකුණු 33ක් අවශ්‍ය වූ නමුත් අවසන් පන්දුවාර 4 ක්‍රියාත්මක කරනු ලැබු මතීෂ පතිරණ සහ ටොම් කරන් Dubai Capitals හි එම බලාපොරොත්තු සුන් කරනු ලැබුවා.

17වන පන්දුවාරය යොමු කළ මතීෂ පතිරණ ප්‍රතිවාදින්ට ලකුණු ලබා දුන්නේ ලකුණු 3ක් පමණයි. 18 වන පන්දුවාරයේදි ටොම් කරන්ද ප්‍රතිවාදින්ට ලකුණු 7ක් පමණක් ලබා දුන්නා.

19 වන පන්දුවාරයද විශිෂ්ට අයුරින් යොමු කළ මතීෂ පතිරණ එය ලකුණු 6කට සීමා කල අතර ටොම් කරන් අවසන් පන්දුවාරයේ Dubai Capitals පිතිකරුවන්ට ලබා දුන්නේ ලකුණු 4ක් පමණයි.

Dubai Capitals ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Yusuf Pathan පන්දු 26ක් තුල වෙගවත් ලකුණු 35ක් රැස් කල අතර Rovman Powell ලකුණු 34ක් රැස් කළා.

පන්දු යැවීමේදී Rohan Mustafa කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වු අතර වනිඳු හසරංග ද එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

ඒ අනූව ලකුණු 12ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබමින් තව දුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට Desert Vipers කණ්ඩායම සමත් වුණා.

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7