EXCLUSIVETrending Article

“අර්ජුන ආරම්භ කරපු ලංකා ක්‍රිකට් භීෂණය එදා මුලු ලෝකෙම අල්ලගත්තා, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව කියන්නෙ ළමයයි ගුරුවරයයි වගේ” – ඉන්දීය ප්‍රේක්ෂකයා තැබූ අපුරු සටහන.!

ශ්‍රී ලංකාව සැලකෙන්නේ ක්‍රිකට් ලෝකයට පතාක යෝධයන් බිහි කල දිවයිනක් ලෙසයි. ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් තැබූ ඇතැම් වාර්තා කිසිදාක බිඳී නොයන තරමට සවිමත් වාර්තාය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට වයස අවුරුදු 140 කට වැඩි මිසක් අඩු නොවේ.

බංගලදේශ තරුණයන් සමග සමාජ මාධ්‍ය හරහා පැටලෙන්නට යන ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට ඉන්දීය ක්‍රිකට් රසිකයෙකු ඒ පිළිබඳ සිහිකැඳවීමක් කරමින් අපූරු සටහනක් ESPNCRICINFO ෆේස්බුක් පිටුවේ කමෙන්ටුවක් තුළ පළ කර තිබුණා.

මේ එම සටහනේ සිංහල පරිවර්තනයක්

“මම ඉන්දියානුවෙක්මි, මම දකිනවා සමහර ලංකා ප්‍රේක්ෂකයින් මේ බංගලාදේශය සමග ශ්‍රී ලංකාව සංසන්දනය කරමින් එකිනෙකා troll කරගන්නවා. එය සිදු නොවිය යුතුයි. ශ්‍රී ලංකාවේ අළුත් පරම්පරාව ඔවුන්ගේ ක්‍රිකට් අතීතයේ ලෝකය අල්ලගෙන හිටපු විදිය නොදනී. බංගලාදේශය සහ ශ්‍රී ලංකාව කියන්නෙ ලමයා සහ ගුරුවරයා වැනිය.

අර්ජුන ආරම්භ කරපු ලංකා ක්‍රිකට් භීෂණය එදා මුලු ලෝකෙම අල්ලගත්තා. ඉන්දියානුවන් වන අපිට එදා ශ්‍රී ලංකාව ගැන ඊර්ෂ්‍යාවක් තිබුනා. මොකද මේ වගේ පුංචි දූපතක් ක්‍රිකට් පාලනය අතට ගත් නිසා. ලංකා ක්‍රිකට් වලට ඇති ආශාව නිසාම මම ලංකාවට කිහිප වතාවක්ම පැමිණියා. එවිටයි මට තේරුනේ ලංකාව අනෙක් දකුනු අසියාණු රටවල්වලට වඩා කෙතරම් නම් ඉදිරියෙන් ඉන්න රටක්ද කියා.

මට ලංකාවෙ මිත්‍රයින්ච ඉන්නවා. ශ්‍රී ලංකාව කියන්නෙ මානවසංවර්ධන දර්ශකයේ ඉහලින් ඉන්න ඉතා මිත්‍රශීලි උගත් මිනිසුන් ඉන්න රටක්. ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව තම රට පහත හෙළන්නේ ඇයි.

මට කිසි රටක් පහත් කිරීමට අවශ්‍යය නෑ. නමුත් ලංකාවේ තරුණයින්ට බංගලාදේශයට trollකිරීමට අවශ්‍යය නම් කල යුතු හොඳම දේ ඔවුන්ට troll නොකර සිටීමයි.”

එම සටහන පහතින්


වශේෂ ස්තූතිය ක්‍රිකට් දේශය Facebook පිටුව.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7