Cricket NewsEXCLUSIVE

ආසියාවේ ක්‍රිකට් ආධිපත්‍ය කරා ඇදෙන ලාංකේය යොවුන් වේගපන්දු යවන්නෝ.!

ආසියානු කුසලානය සඳහා නම් කල සංචිතයේ සිටි චමීර හා බිනුර ප්‍රනාන්දුගේ ආබාධය ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් විය. චමීර හා බිනුර සංචිතයේ සිටින සෙසු වේගපන්දු යවන්නන්ට සාපේක්ෂව ගත් කල අත්දැකීම් අතින් බහුල ක්‍රීඩකයින් දෙපලකි.

අසිත, මතීෂ, ප්‍රමෝද් හා දිල්ශාන් මත ශ්‍රී ලංකා කණ්ඩායමට රඳා පවතින්නට සිදුවනු ඇත. සංචිතයේ සිටින අනෙකුත් ඉදිරිපෙල වේගපන්දු පන්දු යවන්නා වන චාමික කරුණාරත්න තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වුවද අවසන් කාල සීමාව තුලදී පන්දුවාර හතරක් ක්‍රියාත්මක කලේය. තවත් පන්දුවාර 16 ක් කළමනාකරණය කරගත යුතු වන අතර ඉන් 8ක් වනිඳු මහීෂ් සුසංයෝගය අතර බෙදී යනු ඇත. අවම වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය තර කිරීමට පන්දු යවනන් දෙදෙනෙකු අවශ්‍ය වේ.

එම පන්දු යවන්නන් දෙදෙනා කවුරුන් විය යුතුද ? අනිවාර්යයෙන්ම එක් නිත්‍ය වේගපන්දු යවන්නෙකු ක්‍රීඩා කල යුතු වන අතර ඔහු යොවුන් ක්‍රීඩක මතීශ වීමට ඇති සම්භාවිතාවය තරමක් ඉහළය.

පිට දඟ පන්දු යවන ක්‍රීඩම මහීෂ් තීක්ෂණ හට නව පන්දුවෙන් එක් අන්තයකින් පන්දු යැවීම ආරම්භ කිරීමට හැකි නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම දඟ පන්දු යවන්නන් සිව්දෙනෙකු මත ආයෝජනයන් සිදු නොකරන බව නම් ප්‍රත්‍යක්ෂ කරුණකි.

වේගපන්දු යවන්නන් දෙදෙනෙකු සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරාවිද නොඑසේ නම් වැන්ඩසේ හා ප්‍රවීන් දෙදෙනාගෙන් අයෙක් කණ්ඩායමට පැමිණේවිද යන්න තණතීරුව මත රඳා පවතින කරුණකි.

එකී කරුණු සියල්ලම හැරුණු විට ශ්‍රී ලංකා වේගපන්දු බලඇණිය මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වන්නේ අත්දැකීම ය.නමුත් මීට පෙර දසුන් ශානක පකිස්තානයට එරෙහිව පූර්ණ තරඟාවලි ජයක් අත්පත් කරගත්තේ අත්දැකීම් මඳ ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායමකිනි.

අත්දැකීම් වශයෙන් ගත් කල තවමත් 19 වන වියෙහි පසුවන මතීශ පතිරණ තවමත් ජාත්‍යන්තර වරම් නොලද ක්‍රීඩකයෙකි. නමුත් ඔහු මීට පෙර අබුඩාබි T10 තරඟාවලියටද ඉන්දීය ප්‍රිමියර් ලීගයටද ක්‍රීඩා කරමින් විශාල සාර්ථකත්වයක් පෙන්නුම් කලේය. එමෙන්ම පෙරට වඩා මතීශ වඩා හොඳ පාලනයක් තම පන්දු යැවීමට එක් කරගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

නිමාව දුටු SLC ආරාධිත විස්සයි විස්ස තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා මෙන්ම තරඟාවලියේ වීරයාද වෙමින් අසිත ප්‍රනාන්දු විස්සයි-20 ආකෘතියට පැමිණෙන්නේ ටෙස්ට් තරඟ තුලදී මෙන්ම සීමිත පන්දුවාර ආකෘතිය තුලද සාර්ථකවන්නට ඔහුට ඇති හැකියාව පසක් කරමින්. අවසන් කාල සීමාව තුල අසිත තමන්ගේ පන්දු යැවීමේ තියුණු බව වේගයෙන් වැඩි කරගෙන තිබෙන අතර හොඳ SEAM Position එකක් හා දෝලනයක් නවපන්දුවෙන් ඔහු නිර්මාණය කිරන බවක් පෙනෙන්නට තිබේ.

එමෙන්ම නිමාව දුටු ආරාධිත විස්සයි විස්ස තරඟාවලියේදී ඔහු අවසන් පන්දුවාර 4 තුලදී සාර්ථකව පන්දුව සංකලනය කරන ආකාරයක් දක්නට ලැබුණු අතර පතිතය මෙන්ම වේගයද හොඳින් සංකලනය කරන්නට ඔහුට හැකි විය.

බොහෝ විට නිත්‍ය වේගපන්දු යවනන් දෙදෙනාගෙන් අයෙක් හෝ දෙදෙනාම ඔවුන් අතරින් විය හැකි නමුත් ප්‍රමෝද් මධුශාන් හා තවමත් මොනම ආකෘතියක හෝ ජාත්‍යන්තර වරම් ලබා නොගත් දිල්ශාන් මධුශංකද හොඳින් දක්ෂතා අතර සිටින කාලවකවානුවක ඔවුන් දෙදෙනාද අගනා ආයෝජනයන් ය.

ඔවුන් දෙදෙනා අතුරින් ප්‍රමෝද් එක්දින ජාත්‍යන්තර වරම් ඔස්ට්‍රේලියාවට එරෙහිව හිමිකරගත් අතර එහිදී එක් කඩුල්ලක්ද බිඳදමිමින් සාර්ථක විය. ඔහුට ආයාසයකින් තොරව පන්දුව හොඳින් පිටතට දෝලනය කිරීමට ඇති හැකියාව එම තරඟාවලියේදී ඔහු පෙන්නුම් කල අතර 2016 වසරේ සිට ඔහු විස්සයි විස්ස තරඟාවලි තුලදී පන්දුයැවීමේදී ඔහු පෙන්නුම් කරන පාලනය අතිශය හිතකරය.

ඔහු පන්දුවාරයක් සඳහා ලබාදෙන දල ලකුණු සංඛ්‍යාව 7.14 ක් වන අතර සාමාන්‍ය 17 කි. මෙය බොහෝ දුරට ඔහු දෙසට ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ අවධානය යොමු කල කරුණකි.

දිල්ශාන් මධුශංක ඔහු තවමත් තම ක්‍රිකට් දිවියේ මුල් වකවානුව ගතකරමින් සිටින දක්ෂ යොවුන් වමත් වේගපන්දු යවන්නෙකි.සංචිතයට ඇතුලත්ව සිටින එකම වමත් වේගපන්දු යවන්නාද වන්නේ ඔහුය.ඔහු සතු ඇති හොඳම හැකියාව නම් දකුණත් පිතිකරුවන්ට එරෙහිව ඔහු දක්වන ආක්‍රමණශීලී බවයි. නව පන්දුවෙන් දකුණත් පිතිකරුවන් තුලට මෙන්ම පිටතටත් ඔහු මනා දෝලනයක් නිර්මාණය කරන අතර අවසන් කාල සීමාව තුලදී යොවුන් වේගපන්දු යවන්නා දේශීය පිටියේ නම්දැරූ පිතිකරුවන්ට අභියෝගයක් වූ අතර අවසන් දේශීය තරඟාවලියේදීද ඔහු අතිශය සාර්ථක විය.

යම් හෙයකින් ඔහු දකුණත් පිතිකරුවන් බහුල පිතිකරණ බලඇණියකට එරෙහිව ජාත්‍යන්තර වරම් දිනාගතහොත් ඔහු එම කණ්ඩායමට තර්ජනයක් වනවා නොඅනුමානයි. ඔහු සාම්ප්‍රදායික අන්දමින් වමත් වේගපන්දු යවන්නන් සතු ප්‍රභලතම උපක්‍රමය දකුණත් පිතිකරුවන්ට එරෙහිව උපයෝගී කරගත හැකි අයෙකි.

බොහෝ විට එක්සත් අරාබි එමීර් හි තණතීරු පිතිකරුවන්ගේ පාරාදීසයන් වන නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම වේගපන්දු යවන්නන් දෙදෙනෙකු උපයෝගී කරගනු ඇතැයි අපේක්ෂා කිරීමට පුළුවනි. එසේ වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් යොවුන් වේගපන්දු යවනන් දෙදෙනෙකු එකම තරඟයකදී ජාත්‍යන්තර වරම් දිනාගනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7