Cricket NewsEXCLUSIVEIPL

මෙවර IPL තරඟාවලියේ Sunrises Hyderabad කණ්ඩායමේ මීළඟ නායකයා වීමට ඉහළම සුදුසුකම් ඇති ක්‍රිඩකයා ලෙසට ඉන්දීය මාධ්‍ය දසුන් ශානකව අනාවරණය කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 2023 වසරේ පැවැත්වෙන තරඟ සංස්කරණය වෙනුවෙන් ක්‍රිඩක වෙන්දේසිය එළඹෙන දෙසැම්බර් 16 පැවැත්වීමට මේ වන විට කටයුතු සුදානම් කර තිබෙනවා.

මේ අතර ඉන්දියාවේ ජනප්‍රිය ක්‍රිඩා මාධ්‍ය ආයතනයක් වන sportskeeda ආයතනය ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක් විසින් මෙවර Sunrises Hyderabad කණ්ඩායමේ නායකත්වය හිමිවීමට ඉහළම සම්භාවිතාවයක් ඇති ක්‍රිඩකයින් අතරට ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානකගේ නම ඇතුළත් කර තිබෙනවා.

මෙහිදී ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පෙන්නුම් කර තිබෙන්නේ තරුණ ක්‍රීඩකයින් රැසක් සමග ක්‍රිකට් පිටියේ පෙරළියක් සිදුකරමින් ආසියානු කුසලාන ජයග්‍රහණය කරා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට දසුන් ශානක සමත් වීමයි.

දසුන් ශානක ඇතුළුව මෙම ලැයිස්තුවට ක්‍රිඩකයන් 5ක් ඇතුළත්ව ඇති නමුත් මේ වන විටත් කේන් විලියම්සන්ව Sunrises Hyderabad සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

SportsKeeda විසින් වාර්තා කරන ලද Sunrises Hyderabad හි නායකත්වය ලබා ගැනීමට ඉහළම සම්භාවිතාවයක් ඇති ක්‍රිඩකයන්,

01 කේන් විලියම්සන් ( මේ වන විටත් ඉවත් කර ඇත.)

02 දසුන් ශානක

03 Jason Holder

04 Mayank Agarwal

05 Ben Stokes

SportsKeeda පළ කල එම පුවත පහතින් නරඹන්න

https://www.sportskeeda.com/cricket/5-players-sunrisers-hyderabad-can-target-captain-ipl-2023

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7