Cricket NewsEXCLUSIVE

විචාරකයින් පවා මවිතයට පත් කරමින් එංගලන්තය සිය පළමු ඉනිම අත්හිටුවයි ! එංගලන්ත පිතිකරුවන් පලමු දිනයේ පාලනය එංගලන්තයට නතු කරදෙයි !

ඊයේ බර්මිංහැම් හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී සාම්ප්‍රදායික අලු බඳුන ටෙස්ට් තරඟාවලිය ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් මුලින්ම පන්දුවට පහර දෙන්නට තීරණය කලේය.

ඒ අනුව මුලින්ම පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසි එංගල්න්තය වෙනුවෙන් සාර්ථක ආරම්භයක් එක් කරන්නට සැක් ක්‍රෝලි සමත් වූයේ ලකුණු 61 ක් රැස් කරමින්.ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් ජෝ රූට් ලකුණු 118 ක් නොදැවී රැස් කලේ තම 30 වැනි ටෙස්ට් ශතකයට හිමිකම් කියමිනි.රූට්ගේ ඉනිම හයේ පහර 4 කින් හා හතරේ පහර 7 කින් වර්ණවත් විය.

ආබාධයක් හේතුවෙන් එංගලන්ත කණ්ඩායමෙන් කලක් ඉවත්ව සිටි ජොනී බෙයාස්ටෝ මෙවර අලුබඳුන තරඟාවලිය ඇරඹූයේ ලකුණු 78 කට හිමිකම් කියමින්.

ඒ අනුව කඩුලු 8 ක් දැවී ලකුනු 393 ක් රැස් කරගෙන සිටි එංගලන්තය සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කලේය.පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියානුවන් වෙනුවෙන් නේතන් ලයන් කඩුලු 4 ක් ජොශ් හෙස්ල්වුඩ් කඩුලු දෙකක් බිඳහෙළුවේය.

දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 14 ක් රැස් කරගෙන සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
0
+1
5
+1
7
+1
4
+1
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button