Cricket NewsEXCLUSIVEFuture Stars

LPL ඉතිහාසයේ වටිනාම සොයාගැනීම් ජාත්‍යන්තරය වෙනුවෙන් සුරක්ෂිත කල උතුරේ රජවරුන් ” ජැෆ්නා කිංග්ස් ” !

තෙවරක් ශූරයින් වූ ක්‍රීඩක සම්පත් අතින් ගත්කල ඉතා ඉහළ ක්‍රීඩක සම්පත් ගණනකින් සමන් විත ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙවරත් සිය රජ ගමන ජයග්‍රාහීව ඇරඹුවේය.තරඟයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේ LPL හි විශිෂ්ඨතම සොයාගැනීම වූ විජේකාන්ත් වියස්කාන්ත් ය.

මහීශ් තීක්ෂණ පවා LPL ගමන් අරඹන්නේ උතුරේ රජවරුන් සමගය.තරඟ සංස්කරණයක් හතරක් පුරාවට යාපනයේ නිත්‍ය පිට දඟපන්දු යවන්නා වූයේ ඔහුය.ජාත්‍යන්තර වරම් දිනාගන්නේ LPL පිටියෙන් තමන් ලද පන්නරය සමඟයි.

වනිඳුගේ සෙවනැල්ලට වැසී තරඟවාර කිහිපයක් යාපනය වෙනුවෙන් කඩුලු අතර සිටි වියස්කාන්ත් මත විශ්වාසය තබමින් පසුගියවර ශ්‍රී ලංකාවේ සිටින දක්ශතම සීමිත පන්දුවාර දඟ පන්දුයවන්නා වන වනිඳු හසරංග යාපනය නිදහස් කලේය.

තමන් වෙනුවෙන් විශ්වාසය තැබූ යාපනය වෙනුවෙන් පසුගිය තරඟවාරයේදී කඩුලු 13 ක් දවාගත්තේය.මෙවරත් ඔහු තරඟාවලිය ඇරඹූයේ ලකුණු 17 කට කඩුලු දෙකක් දවාලමින්.

වියස්කාන්ත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනාගන්නා තුරු ඔහු ජැෆ්නා කිංග්ස් ක්‍රීඩක කලමණාකරණය තුල සුරක්ෂිත වනු ඇත.මන්ද ඔවුන් සතු ක්‍රීඩක කලමණාකාරීත්වය ඉතා හොඳ මට්ටමක පවතින නිසාවෙනි.නිසි පරිදි ක්‍රීඩක සමපත් භාවිතය ඔවුන්ගේ ජයග්‍රහණයන්හි සුලභ දසුනක් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button