Cricket NewsEXCLUSIVE

පළමු වරට පැවැති MLC තරඟාවලියේ ශූරතාවය ලසිත් මාලිංගගේ පුහුණු කාරීත්වයෙන් යුත් MI NEWYORK කණ්ඩායම දිනාගනී !

පළමු වරට පැවැති Major League Cricket විස්සයි විස්ස තරඟාවලියේ ශූරතාවය දිනාගන්නට Mumbai Indians හිමිකාරීත්වය දරණ Mi Newyork කණ්ඩායම අද සමත් වූයේ Seattle orcas කණ්ඩායම කඩුලු 7 කින් පරාජයට පත් කරමින්.

අද ටෙක්සාස් හි Grand Prairie ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරඟයේ කාසියේ වාසිය දිනාගත් Mi Newyork නායක නිකලොස් පූරන්ගේ ආරාධනය අනුව මුලින්ම පන්දුවට පහර දුන් Seattle orcas කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 183ක් රැස් කලේය.

ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ ක්වින්ටන් ඩිකොක් පන්දු 52 දී ලකුණු 87 ක් රැස් කිරීමට සමත් වූ අතර Shubman Ranjane ලකුණු 29 ක් රැස් කලේය.

සුපිරි පන්දු යැවීමක නිරත වූ රෂීඩ් කාන් ලකුණු 9 ට කඩුලු 3 ක් බිඳ හෙලද්දී ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 34 ට කඩුලු 3 ක් බිඳ හෙලීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 184 ක ඉලක්කයක් හඹා යන්නට පිටියට පිවිසි MINY කණ්ඩායම පන්දුවාර 16 කදී කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසු කර ගියේය.

ඉනිමේ ඉහළතම ලකුණු ලාභියා වෙමින් නායක පූරන් නොදැවී ලකුණු 137 ක් රැස් කලේ පන්දු 55 ක් පමණක් වැය කරමින්. ඔහුගේ ඉනිම හතරේ පහර 10 කින් හා හයේ පහර 13 කින් වර්ණවත් විය.

පන්දු යැවීමේදී Seattle orcas වෙනුවෙන් නායක පානෙල් හා ඉමාඩ් වසීම් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ඒ අනුව MLC 2023 තරඟාවලියේ අවසන් මහා තරඟය ජයගන්නට MINY කණ්ඩායම සමත් වද්දී තරඟයේ වීරයා ලෙසින් විශිෂ්ඨ ඉනිමක් දියත් කල නායක නිකලොස් පූරන් සම්මාන දිනාගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button