Cricket NewsEXCLUSIVEIPL

“ලංකාවේ සිංහයා ඇවිත් ඉන්නේ” – භානුක රාජපක්ෂ Punjab Kings සමග එක් වීම පිලිබඳ ඔවුන් තැබූ විශේෂ සටහන.!

ඩිල්ශාන් සංගා මහේල පරම්පරාවෙන් පසු පිතිකරුවකු ලෙස පමණක්ම එක් වන පළමු ශ්‍රී ලාංකික ක්‍රිඩකයා ලෙස ක්‍රිකට් ලෝකයේ ඉහළම වානිජ වටිනාකමක් දරන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට භානුක රාජපක්ෂව Punjab Kings කණ්ඩායම විසින් ක්‍රිඩක වෙන්දේසියේදි මිලට ගනු ලැබුවා.

ඒ අනුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා භානුක රාජපක්ෂ ඊයේ ඉන්දියාව බලා පිටත්ව ගිය අතර ඔහු මේ වන විට Renaissance Mumbai Convention Center හෝටලයේ තිබෙන ක්‍රිඩක ජෛව බුබුලට ද ඇතුළත්ව සිටිනවා.

Punjab Kings කණ්ඩායම ඔවුන්ගේ IPL 2022 ප්‍රථම තරඟය දැඩි රසික ආකර්ෂණයක් හිමි Royal Challenges Bangalore කණ්ඩායමට එරෙහිව මාර්තු 27 වන දින තරඟ වැදිමට නියමිතයි.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් හි දැනට පැවැත්වෙන එංගලන්ත සංචාරය හේතුවෙන්, Punjab Kings පළමු මට්ටමේ විදේශීය තේරීම වන ජොනි බෙයාර්ස්ටො හට පලමු තරඟය අහිමි වීමේ අවධානමක් පවතිනවා.ඒ තරඟාවලියේ 3 වන ටෙස්ට් තරඟය මාර්තු 24 සිට 28 දක්වා ක්‍රියාත්මක වන බැවිනි.

ඒ හේතුවෙන් ජොනී බෙයාර්ස්ටෝ හට එළඹෙන 27 වනදා පැවැත්වෙන ඔවුන්ගේ පළමු තරඟයට සහභාගී නොවනු ඇත.

එබැවින් භානුක රාජපක්ෂට මැදපෙළ පිතිකරුවෙකු ලෙස Punjab Kings සමාරම්භක තරඟයට පෙනී සිටීමට විශාල අවස්ථාවක් තිබෙන බව ඉන්දීය මාධ්‍ය අනාවරණය කර සිටිනවා.

මේ අතර භානුක රාජපක්ෂ Punjab Kings කණ්ඩායම සමග එක් වීම Punjab Kings නිල Instagram ගිණුම මගින් භානුකගේ ඡායාරූපයක් පල කරමින් සටහන් කර තිබුණේ The Lankan Lion is here (ලංකාවේ සිංහයා ඇවිත් ඉන්නේ) යනුවෙනි.

එහි ජායාරුපයක් පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button