Cricket NewsEXCLUSIVE

හිටපු නෙදර්ලන්ත ප්‍රධාන පුහුණුකරු Anton Rouxව ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ධුරයට පත් කරයි.!

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් මීට පෙර කටයුතු කල ශේන් මැක්ඩර්මොට්ගේ ගිවිසුම් ගත කාලය නිමාවීමත් සමඟ ඔහුගෙන් පුරප්පාඩු වූ නව පන්දු රැකීමේ පුහුණුකරු ධුරය සඳහා Anton Roux නම් කර ඇත.

දකුණු අප්‍රිකානු ජාතික නොටිංහැම්ශර් ප්‍රාන්තයෙහි පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටි අතර ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීම සඳහා ඔහු මේ වන විට සූදානමින් පසුවන බවද සඳහන් .

දකුණු අප්‍රිකාවේ පළමු පෙළ ක්‍රීඩකයෙකු ලෙස උතුරු කණ්ඩායම නියෝජයන කල Roux මිට පෙර නෙදර්ලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද, නවසීලන්ත A කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද,නවසීලන්ත දේශීය පිටියේ ඔටාගෝ කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කර අත්දැකීම් රාශියක හිමි කරුවෙකි .

“ශ්‍රී ලංකාව මට ලබා දුන් අවස්ථාව මට නව අභියෝගයක්. මේක මට වගේම මගේ පවුලටත් අලුත් දෙයක් අත්දකින්න නව අවස්ථාවක්.

සෑම ක්‍රීඩකයෙක්ම හා පුහුණුකරුවෙක්ම බලාපොරොත්තු වෙන්නේ ඉහළම මට්ටමේ වැඩ කරන්න. මට ඉවසිල්ලක් නැහැ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා කරන්න උදව් කරන්න”, යනුවෙන් තම ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තැබූ ඔහු කියා තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button