Cricket NewsEXCLUSIVEUnder-19

අඛණ්ඩව ලබාගත් දෙවන ජයග්‍රහණයත් සමග සිංහ පෝතකයන් අපරාජිතවම ආසියානු කුසලානයේ අවසන් පුර්ව වටයට.!

මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන වයස 19 පහළ ආසියානු කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව තරඟ වැදුණු දෙවන තරඟය වූ නේපාල කණ්ඩායම සමග පවතී තරඟයෙන් ලකුණු 60ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් අවසන් පුර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුනා.

අද තරඟයේ කාසියේ පස්සේ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙපළ වූ චමිඳු වික්‍රමසිංහ සහ ශෙවෝන් ඩැනියල් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 39 ක සබඳතාවයක් පිහිටුවීමට සමත් වූ අතර ශෙවෝන් ඩැනියෙල් ලකුණු 17ට දැවී ගියා.

අනතුරුව පිටියේ එක්වූ සදීශ රාජපක්ෂ සහ චමිඳු වික්‍රමසිංහ දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 223ක දැවැන්ත සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කිරීමට සමත් වූයේ යොවුන් ආසියානු කුසලාන ඉතිහාසයේ විශිෂ්ටතම සබඳතාවය පවත්වමිනි.

විශිෂ්ට පිතිකරණයක නිරත වූ සදීශ රාජපක්ෂ ලකුණු 131ක් ලබා ගත් අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 3ක් සමග හතරේ පහරවල් 11 ක් ඇතුළත් වුණා.

චමිඳු වික්‍රමසිංහ ලකුණු 111 ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 2ක් සමග හතරේ පහරවල් 8ක් ඇතුළත් වුනා.

නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 34ක් වාර්තා කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී Mohommad Aadil Alam කඩුලු 2ක් බිඳ හෙලූ අතර Dev Khanl සහ Bibek Yadav අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 322ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට ශ්‍රී ලංකා 19 පහළ තරුණ ක්‍රීඩකයන් සමත්වුණා.

අනතුරුව ලකුණු 323 ක දැවැන්ත ජයග්‍රහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසියේ නේපාල පිතිකරුවන්ට පන්දුවාර 47 ක් සහ පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 262ක් පමණයි.

කෙසේ නමුත් නේපාල කණ්ඩායම වෙනුවෙන් කැපී පෙන්නේ ඉනිමක් ක්‍රීඩාකළ Arjun Saud ලකුණු 64 ක් රැස්කිරීමට සමත්වුණා.

Basir Ahamed ලකුනු 43 ක් රැස් කළ අතර Bibek ලකුණු 46 ක් රැස් කළා.

Santhosh Karaki ලකුණු 34 ක් රැස්කිරීමට සමත්වූ අතර නායක Dev Khanel ලකුණු 28 කට දැවී ගියා.

අන් කිසිදු නේපාල පිතිකරුවකු ට ලකුණු 10 සීමාව අතික්‍රමණය කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ මතීශ පතිරණ සහ රවීන් සිල්වා කඩුලු 3 බැගින් දවා ගනිමින් නේපාල පිතිකරුවන් අන්ත අසරණ කිරීමට සමත් වු අතර නායක දුනිත් වෙල්ලාලගේ සහ ශෙවෝන් ඩැනියෙල් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා. ඒ අනුව ලකුණු 60 ජයග්‍රහණයක් ශ්‍රී ලංකා 19 පහළ යෞවනයන්ට හිමි වුණා.

ඒ අනුව මෙවර තරගාවලියේ අඛණ්ඩව ලැබූ දෙවන ජයග්‍රහණයත් සමග Group B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වුයේ, අවසන් පූර්ව වටයේ සිය ස්ථානය ද තහවුරු කර ගනිමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button